leader s

රජයේ හමුදා විසින් සිදු කරන ලද බවට නැගී ඇති චෝදනා අවුරුදු තිස් දෙකක් තිස්සේම ඉවත් වී නැති තවත් සමුල ඝාතනයකින් මියගිය පිරිස් අනුස්මරණය චාම් අයුරින් නැගෙනහිරදී සිදු කර තිබේ.

ඝාතනයට ලක්වුවන් අනුස්මරණය කිරීම සදහා මඩකලපුව සවුකඩි ගම්මානයේ ඉදිකර තිබෙන ස්මාරකයට ගම්වාසීන් සහ ඥාතීන් සැප්තැම්බර් 20 වැනිදා  මලින්, පහනින් උපහාර දැක්වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

1990 සැප්තැම්බර් 20 වැනිදා උදෑසන සවුකඩි ගම්මානයේ දී ඝාතනය කෙරුනු දෙමළ කාන්තාවන් සහ කුඩා දරුවන් ඇතුළු තිස් එක් දෙනකු මෙලෙස අනුස්මරණය කර තිබේ.

මඩකලපුව රදගුරු මයිලම්බාවේලී විවේකානන්දපුරම්හි නිකලස් ජුඩ් පියතුමා විසින් මිය ගිය පිරිස අනුස්මරණය කරමින් ප්‍රධාන දේව මෙහෙය පවත්වා ඇත.

ගම්වැසියන් පවසන්නේ 1990 සැප්තැම්බර් 20 වැනිදා උදෑසන 8.30 ට පමණ ගම් වැදුනු හමුදා නිල ඇදුම් ඇඳගත් පිරිසක් ප්‍රහාර එල්ල කරමින් ගම් වැසියන් ඝාතනය කළ බවයි.

වෙඩි තබා සහ  කපා කොටා ඝාතනය කළ ළදරුවන් හා කාන්තාවන් ඇතුළු පිරිස වලකට දමා පුළුස්සා තිබු බව දිවි ගලවා ගත් ගම්වැසියෝ පවසති. ඔවුන් තව දුරටත් කියා ඇත්තේ මුහුදේ මසුන් මරමින් සිටි හත් දෙනකුද වෙඩි තබා ඝාතනය කළ බවයි.

ප්‍රහාරයට වගකිවයුත්තන්  හදුනාගෙන දඩුවම් පැමිණවීම මේ දක්වා සිදු කර නොමැති අතර වින්දිතයන්ට යුක්තිය ඉටුවී කර නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති.

massacre 2022

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

 

W

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්