එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ජිනීවා නුවර පැවැත්වෙද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ

විසින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කිරීම කෙරේ එක්සත් ජාතීන්ගේ අවධානය යොමු වී තිබේ.

"අධි ආරක්ෂක කලාප මහජන ඒකරාශී වීම් පැවැත්වීම් තහනම් ස්ථාන ලෙස නම් කිරීම සම්බන්ධයෙන් මගේ බලවත් අවධානය යොමුවී තිබේ. ශ්‍රී ලංකාවේ බලධාරීන් මහජනතාවගේ විරෝධතා දැක්වීමේ අයිතියට ගරු කොට කවර හෝ සීමා පැනවීම් වේ නම් ඒවා සහේතුක, අවශ්‍ය සහ සමානුපාතික බවට සහතික විය යුතුය," යි රැස්වීමේ නිදහස සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් වූල් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇත.

විදේශ අමාත්‍ය අලි සබ්රි නිව් යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා කියා සිටියේ ශ්‍රී ලංකාව ප්‍රකාශනයේ නිදහසේ 'පුජනීය අයිතියට' ගරු කරන නමුත් එය භුක්ති විඳිය යුත්තේ ව්‍යවස්ථාවේ සහ නීතියේ සීමා යටතේ බවයි.

කොළඹ අධි ආරක්ෂක කලාප නම් කරන ලද්දේ "පවතින අරාජික සහ ව්‍යාකූල තත්ත්වය නිමා කිරීමට" බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න කියා සිටීමෙන් පැය 24කට පසු, අඟහරුවාදා (27), ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස සුරකින්නයි ඉල්ලා නීතීඥ ප්‍රජාවේ සාමාජිකයෝ වීදී බැස ආණ්ඩුවේ තීරණයට විරෝධය පෑහ.

00121210 2
00121210 1

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්