දිනකට රුපියල් දහසක් ඉල්ලමින් වතු කම්කරුවන්  දීර්ඝ කාලයක් තිස්සේ කරන අරගලයට හෝ වතු කාර්ය මණ්ඩලය 70% ක වැටුප් වර්ධනයක් වෙනුවෙන්

කරන සටනට සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන වතු හිමියෝ නිෂ්පාදනයට සරිලන වැටුපක් ගෙවීමට සැලසුම් කරමින් සිටිති.

තේ වැවිලිකරයේ පවතින ඇනහිටීමේ තත්වය ජයගැනීමට ඇති 'එකම ප්‍රායෝගික ඉදිරි මග' පලදායිතාව හා බැඳුණු වැටුප් ආකෘතියක් සකස් කර ගැනීම යයි වැවිලිකරුවන්ගේ සංගමයට අලුතින් තේරී පත් වූ සභාපති පවසයි.

senaka aJPGසේනක අලවත්තේගමසේනක අලවත්තේගම එම ප්‍රකාශය කර ඇත්තේ පසුගියදා කොළඹ ගලදාරි හෝටලයේ පැවති සංගමයේ 168 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී සංගමයට පත් වූ නව සභාපතිවරයා ලෙස සභාව අමතමිනි.  


ඔහු  චෝදනා කරන පරිදි 'දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් විසින් උසිගන්වන ලද කල්ලිකාරී  ප්‍රචණ්ඩත්වය හේතුවෙන් එතෙක් සද්භාවයෙන් පැවති වැටුප් සාකච්ඡා මැර බලයෙන් නිමා වී' තිබේ.

 

 

තේ නිෂ්පාදනයේ ඇති වී තිබෙන කණගාටු දායක තත්වය සංකේතවත් වන ප්‍රබලම සාධකය වන 1992 දී 327,000 වූ වතු ජනගහනය මේ වන විට 115,000 දක්වා අඩුවෙමින් පැවතීම සභාපති අලවත්තේගම පෙන්වා දී ඇත්තේ පෙරකී පරිදි තිරසාර වැටුප් ආකෘතියක අවශ්‍යතාවය මතු කරමිනි .

 

කෘෂි රසායන ද්‍රව්‍ය තහනම ඉවත් කරනු ලැබුවද, කනගාටුදායක ලෙස මෙකී අසමතුලිත විෂම ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක ඉදිරි වසර ගණනාව තුළම නොමැකී පවතිනු ඇති බවත් නව සභාපතිවරයා එහිදි පෙන්වා දී තිබේ.

එසේම රසායනික පොහොර තහනම ආපසු හරවා තිබුනත්, තේ වැවිලි අංශය සඳහා පොහොර මිලදී ගැනීමේ දී ප්‍රාදේශීය වතු සමාගම්වලට ප්‍රමුඛත්වය ලබා දී නොමැති බව ඔහු සඳහන් කර ඇත.

ඔහු තව දුරටත් පවසා ඇත්තේ "ක්‍රියාත්මක කිරීමට අපි අත නොතැබූ මේ වැරදි ප්‍රතිපත්තිවලට වතුකරයට දඬුවම් දීම නොකළ යුතු බව නැවතත් අවධාරණය කරන බව" යි.

එමෙන්ම  පසුගිය මාසයේ පැවැති ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීම තුලදී ද මේ ප්‍රශ්නය ගැන දීර්ඝ  වශයෙන් සාකච්ඡාවට ලක් කරන ලද බව ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

sanjaya herathසංජය හේරත්එම සංගමයේ හිටපු සභාපති සංජය හේරත් තේ වගාවේ තත්වය  ගැන අවධාරණය කරමින් පවසා ඇත්තේ “රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ගත් අදූරදර්ශී තීරණය හේතුවෙන් 2022 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ වල තේ අස්වැන්න 18.6% ක් වැනි සැලකිය යුතු මට්ටමකින් පහළ ගිය අතර මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 35.07 ක අඩුවීමක්.” බවයි.


මේ සාකච්ඡාවේ දී හෙලි වූ කරුණු අනුව තේ අපනයනය සම්බන්ධයෙන් ගත් විටද, පෙර වසරට සාපේක්ෂව 2022 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ 9.77% ක අඩුවීමක් පෙන්නුම් කරයි.

මෙම වසරේ අදාළ කාලසීමාව තුළ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 148.05 ක් වූ අතර, මෙය 2021 වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 14.47 ක අඩුවීමකි. මේ ආකාරයට අපනයනය අඩුවීම මුළුමනින්ම පාහේ අස්වැන්න අඩුවීම නිසා සිදුවූවක් බවයි එහි දී අවධාරණය වී ඇත්තේ.

 

අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල් වලින් ගත්විට 37% ක් වැනි ඉහළ වර්ධනයක් වාර්තා කර තිබුනද මෙය සිදු වී ඇත්තේ, ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය ක්ෂණිකව පහළ යාම හේතුවෙනි.



ඉන්දීය අභියෝගය :


image bba8899b9aනිරාජ් ද මැල්වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව ඇමතූ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට තර්ජනයට ලක්ව තිබෙන තත්වය තුල ගෝලීය වශයෙන් එයට තිබූ කීර්තිය යලි පුබූදුවා ගත යුතු බවයි.


‘අපි ඉන්දියාවේ නිෂ්පාදන ශක්‍යතාවන් හෑල්ලූවට ලක් කළත්,  අද ඔවුන් ලෝකයේ දෙවන විශාලතම තේ නිෂ්පාදකයා බවට පත්ව ඇති' බවත් ඔහු සඳහන් කර ඇත.

ක්ෂේත්‍රයේ ඉදිරි ගමන ඇනහිටීමට වර්තමානයේ දී දායක වූ විවිධාකාර "අපහසුතා" ගැන ඇඟවීමක් කළතේ මණ්ඩලයේ සභාපතිවරයා එකී කාරණා සම්බන්ධයෙන් විස්තරාත්මක කරුණු දැක්වීමක් කර නැත.

 

මේ වන විට  ඉන්දියාව අතීතයට වඩා හොඳින් සංවිධානය වී ඇති බවත් ඔවුන්ගේ තේ ශ්‍රී ලංකා තේ වලට වඩා අඩුවෙන් එනම් ඇමරිකානු ඩොලර් 2-3ක් වැනි දැරිය හැකි මිලකට ලබා ගත හැකි බවත් හෙතෙම පෙන්වා දී ඇත.

 

"ආපසු වගාබිමට බහින්න, සිලෝන් ටී ප්‍රසිද්ධිය අප නැවත ලබා ගත යුතුයි” යනුවෙන් ඔහු  වැවිලිකරුවන්ට ආයාචනය කර තිබේ.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්