1200 x 80 DMirror

ජාතික රූපවාහිනී වප් පොහොය දින "සද්ධර්ම වර්ෂා" වැඩ සටහන නවමු මුහුණුවරකින් පොහොය දින පුරා විකාශය කිරීමට පියවර ගෙන ඇත.



එහි සජීව විකාශය කහපොළ මඩපාත ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ සිට විසුරුවා හැරේ.  

පෙරවරු 6.00ට අටසිල් සහ බුද්ධ පූජාව විකාශය කෙරෙන අතර ධම්ම සාරථී ධර්ම සාකච්ඡාව පෙරවරු 7.00ටත්, ධර්ම දීපනී ධර්ම දේශනාව පෙරවරු 9.00ටත් විකාශය වේ. දහවල් බුද්ධ පූජාව විකාශය වන්නේ පෙරවරු 10.30ටයි.



පසුගිය සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහට ලක් වූ "අදෘශෘමාන" වැඩ සටහනේ නවමු විවාදාත්මක සංවාදය සමඟ ඔබට දහවල් 12.30ට එක් විය හැකිය.



දහවල් 2.00ට විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද  හසලක සීලවිමල නාහිමියන් සහභාගී වන ධර්ම සාකච්ඡාව පැවැත්වෙන අතර දහවල් 3.30ට රූපවාහිනී ධර්ම දේශනාව විකාශය වේ. ආශිර්වාද බෝධි පූජාව සමඟ සැදැහැවතුන්ට පස්වරු 5.00ට පෙළගැසිය හැකිය.

දහමට මුසුවුණ මියැසිය "මියැසි සාරධා" සංගීතමය ප්‍රණීතාංගය නවමු ඇසිදිසි හැඩතල සහිතව රාත්‍රි 9.30ට විකාශය කෙරේ. සංගීත ආචාරිනී සිතාරා මධුෂානි මෙහෙයවන එහි සම්පත් දායකයන් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංගයේ අංශාධිපතිව සිටි පූජ්‍ය වෑතර මහින්ද ස්වාමීන් වහන්සේ සහ බාහිර කථිකාචාර්ය එශාන් ඉමල්ක විජේරත්න සහභාගි වෙති. ගායනයෙන් දායක වන්නේ නිශාන්ත නානායක්කාර සහ පුන්සඳා මියැසි ය.

slrc add

 

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය