• පළාත් පාලන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට පියවර
• මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා සීමා
• දේශපාලන පක්ෂ නීති ගැන අවධානය
• මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හා සාරධර්ම පිළිබඳ නව රීති පාර්ලිමේන්තුවට
• දේශපාලන පක්ෂ අරගලයට හේත්තු වූණාට අරගලය දේශපාලන පක්ෂවලට හේත්තු වී නැහැ.
පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරීම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරීම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වනවිට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වෘත්තීයවේදීන් සමග අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති හමුවක දීය.
රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බවත්, ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරු සංඛ්‍යාව 8,000 සිට 4,000 දක්වා අඩුකර "ජන සභා" වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසිය.
එසේම ප්‍රාදේශීය සභාවේ විධායක බලය තනි සභාපති කෙනෙක් වෙනුවට සභාපති මුල්කර ගත් කමිටුවකට ලබාදිය යුතු බව ද මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණවලට පෙර මෙම සංශෝධන සිදුකිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.
දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අප කඩිනමින් මනාප නැති ලැයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් සමග මැතිවරණ ක්‍රමයට යා යුතු බවත්, මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා ඡන්ද නීතිය මගින් සීමාවන් පැනවිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසිය.