උග්‍ර වෙමින් ඇති ආර්ථික අර්බුදය නිසා ආහාර හා පෝෂණ ගැටළු මෙන්ම පාසැල් උපකරණ ඉහළ යාම නිසා දුෂ්කරතාවට පත් පාසල් දරුවන් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කරන උද්ඝෝෂණ

ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ.


'' මේ බරපතල ආර්ථික අර්බුදය නිසා පිඩාවට පත් වෙන්නේ දරුවෝ සහ කාන්තාවෝ. දරුවෝ කන්න නැතිව ඉස්කෝල වල ක්ලාන්ත වෙලා වැටෙනවා. අම්මලා මහ මග වැටෙනවා. අද රටේ දුප්පත් මිනිස්සු කන්නේ වේල් තුනෙන් එකයි. එදා වේල හම්බකරන දෙමාපියන්ට එයාලගේ දරුවන්ට පාසැල් උපකරණ අරන් දෙන්න විදිහක් නැහැ,'' යැයි  'නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ' නායිකා හේමමාලි අබේරත්න පවසන්නීය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයට අනුබද්ධ බහුජන සංවිධානයක් වන 'නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරය' මගින් දියත් කර ඇති ''සාගතේ, හාමතේ, රෝබියේ සාපය END කරමු; අරගලය WIN කරමු'' උද්ඝෝෂණ මාලාවේ තවත් එක් පියවරක් ගල්කිස්‌ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය ඉදිරිපිට පසුගිය සතියේ පැවැත්විණි.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ 'නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ' නායිකාව කියා සිටියේ, පෙර රජ දවස මෙන් වත්මන් වික්‍රමසිංහ -රාජපක්‍ෂ ආණ්ඩුව මගින් පනවා ඇති අනේක බදු නිසා වඩාත්ම පිඩාවට පත්ව ඇත්තේ දරුවන් හා කාන්තාවන් බවයි.

''ළමා දින සමරුව වැඩක් නැහැ. ළමයින්ට හෙටක්, රටක්, අනාගතයක් ඉතිරි කරන්න ඕනෑ.''

Lama2023


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්