leader s

චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිළියක් ඇතුළු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ හය දෙනෙකුට ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID ) කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට සූදානම් වන බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි

මාර්ග පවසයි.

මේ හය දෙනා අතර නිරූපිකාවක, රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක ද වන බව දැනගන්නට තිබේ.

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශ ලබා ගැනීමට මොවුන් කැඳවන බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.

එමෙන් ම ප්‍රියමාලිගේ ගනුදෙනුකරුවන් සමග ඇතිකරගත් අතිශය පෞද්ගලික දුරකතන සංවාද ඇතුළත් හඬපට කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  සතුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම රංගන ශිල්පිනියන්ගෙන් ප්‍රශ්න කරනු ඇතැයි කියති.

මේ අතර, කලා ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත ය. ඒ අතර තවත් ජනප්‍රිය නළු නිළියන් ද සිටින බව කියති.

තිළිණි ප්‍රියමාලි සමග මොවුන් කළ ගනුදෙනු හා දුරකතන සංවාද, ඇගේ ව්‍යාපාරවල නිරතවීම් වැනි දේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා මෙම කැඳවීම් සිදුකරනු ඇතැයි සඳහන් ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියන්කර යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මත පොලිස් කණ්ඩායම් 11ක් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

(mawbima.lk)

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්