theleaderlk 01

2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහිව

අද පැවති තරගය ලකුණු 56කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුවා.


ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 179ක් රැස්කරනු ලැබුවා.

ඉන්දීය පිල වෙනුවෙන් සුර්යකුමාර් යාදෙව් පන්දු 25කදී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 51ක් රැස්කළා. විරාත් කෝලි ලකුණු 62ක් සහ රෝහිත් ශර්මා ලකුණු 53ක් රැස්කරනු ලැබුවා.

 පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 123ක් පමණයි.

පන්දු යැවීමේදී ඉන්දිය පිලේ බුවනේෂ්වර් කුමාර්, අර්ෂදිප් සිං, අක්සර් පටෙල් සහ රවිචන්ද්‍ර අශ්වින් කඩුලු දෙක බැගින් දවා ගනු ලැබුවා.
 

 

  

නවතම පුවත්