හිටපු නාවික හමුදාපති විජය ගුණවර්ධන නිව්මෝනියා රෝගයට ප්‍රතිකාර ගැනීමට ජාතික රෝහලට ඇතුලුවීම, අධ්‍යක්ෂකවරුන් පවා නොදැනගතයුතු රහසක් ලෙස රකින්නේ ඇයි? දැයි මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට

වෘත්තීය සමිති නායකයකු වන රවී කුමුදේශ් විමසයි.

රජයේ රෝහලක නියමිත ක්‍රමවේදයෙන් බැහැරව රහසිගතව රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට විශේෂඥ වෛද්‍යවරයෙකුට බලයක් ලබා තිබෙන්නේ කිනම් නීතියක් යටතේ දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්නකර සිටියි.

ප්‍රභූවරයකු විශේෂ ආරක්ෂාවක් යටතේ හෙලිකොප්ටරයකින් රැගෙනවිත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට පෙරවරුවේ ඇතුළත් කරනු ලැබ ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව 'ලංකාදීප' වාර්තාකර තිබේ.


එම ලංකාදීප පුවත් වාර්තාවේ මෙසේ සඳහන් විය.


ප්‍රභූවරයක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට


ප්‍රභූවරයකු විශේෂ ආරක්ෂාවක් යටතේ හෙලිකොප්ටරයකින් රැගෙනවිත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අද (28) පෙරවරුවේ ඇතුළත් කරනු ලැබ ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව වාර්තා වේ.

රෝගියකු රෝහලට ඇතුළත් කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටියන් බැහැරව කිසිදු ලේඛනයක හෝ සටහන් නොතබා මෙම විශේෂ ප්‍රභූවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම රෝගීයා වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් යොමු නොකොට වෙනත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විවිධ රෝහල්වලින් ගෙන්වා ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි ද වාර්තා වේ.

එම විශේෂ ප්‍රභූවරයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවත් රෝහල් පරිශ්‍රයේ ආරක්ෂක සෙබලුන් රඳවමින් විශේෂ ආරක්ෂාවක් සපයා ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

මෙම විශේෂ ප්‍රභූවරයා සම්බන්ධයෙන් අප තොරතුරු සොයා බැලීමේදී එලෙස ප්‍රතිකාර ලබමින් සිටින්නේ හිටපු නාවුක හමුදාපතිවරයකු බවට තොරතුරු අනාවරණය විය.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image