ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශාල වශයෙන් දේශපාලන බලපෑම් සිදු වෙමින් පවතින බවට වාර්තාවී ඇති බැවින් ඒ පිළිබඳව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග

පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC ) තීරණය කර ඇත.


එම දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ICC හි දැඩි අප්‍රසාදය ද පළවී තිබේ.


ඊයේ (13) ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පැවති ලෝක කුසලාන T20  ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයට පෙරාතුව සංවිධානය කර තිබූ ICC විධායක කමිටු රැස්වීමේදී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කතාබහට ලක්ව ඇත.


යම් කිසි හෙයින් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බවට සනාථ වුවහොත් ශ්‍රී ලංකාවේ ICC සාමාජිකත්වය තහනම් වී සියලු මට්ටමේ ක්‍රිකට් තරඟාවලියන් පමණක් නොව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සඳහා නම් කොට තිබෙන සියලුම තරගාවලියන් වෙනත් රටවලට ලබා දීමට සිදුවන බව දැන දැනත් බලධාරීන්ගේ මෙවැනි පදනම් විරහිත තීරණ පිළිබඳ ICC දැඩි කනස්සල්ල පළකර තිබේ.


එම නිසා මේ තත්ත්වය පිළිබඳව දැඩි විමර්ශනයකට භාජනය කිරීම සඳහා ICC සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට එවීමටත් ඔවුන්ගේ වාර්තා අනුව ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්