ජනවාර්ගිකත්වය මත බෙදුනු රට ස්වදේශීකත්වය මත එක්කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් 'නිදහස ජනතා සභාව' විසින් ඊයේ (නොවැම්බර් 13) දිනයේ

ජනගත කරනු ලැබිය.


ඒ, නිදහස ජනතා සභාව මගින් සකස් කළ ‘නිදහසට පෙරවදනක්’ ආර්ථික සංවර්ධන උපායමාර්ගික සැලැස්ම සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීමේ උත්සවයේදීය.


විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (13) මෙම උත්සවය පැවැත්විණ.


මෙම උත්සවයේදී ප්‍රධාන පත්‍රීකා දෙකක් ජනගත විය. එහි එකක් වූයේ "දේශපාලන ප්‍රතිසංස්කරණ සදහා වූ ප්‍රතිපත්ති රාමුව" (Framework for Political Reform) යන්නය. එය හදුන්වා දෙමින් මහාචාර්ය චරිත හේරත් අදහස් ප්‍රකාශ කළේය.


රටේ ආර්ථික ගැටලුව වෙනමම රැගෙන විසදිය නොහැකි බවත් එය දේශපාලන ප්‍රතිසංස්කරණ සමග එකට විසදිය යුතු බවත්‍ ඔහු එහිදී අවධාරණය කළේය.


එසේම ඔහු තවදුරටත් පැවසුවේ රටේ ප්‍රධාන ගැටලු කීපයක් පිළිබදව දේශපාලන ප්‍රතිසංස්කරණමය කෝණයකින් විසදිය යුතු බවයි. ඒ අනුව රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය, වෙළදපොල ආර්ථික ක්‍රමය සහ රාජ්‍යය අතර සම්බන්ධතාව, විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ සංශෝධනය වැනි කරුණු මුලික  බව ඔහු පෙන්වා දුන්නේය.

"දේශපාලන ප්‍රතිසංස්කරණ සදහා වූ ප්‍රතිපත්ති රාමුව" - කියවන්න මෙතනින්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්