පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස එකම පොලිස් ස්ථානයක වසර තුනකට වැඩි කාලයක් එක දිගට කටයුතු කළ ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට තීරණය කර
ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පවසයි.
පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවූ බවත්, ඒ සඳහා අයදුම්පත් 1300ක් පමණ ලැබුණු බවත් ඔහු සඳහන් කරයි.
අයදුම්පත් ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයකට යොමු කර, 1090 දෙනකු දැනටමත් තෝරාගෙන ඇති බවත්, ඔවුන් ඉතා ළගදීම පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත් කරන බවත් හෙතෙම සඳහන් කරයි.
දේශපාලන බලපෑම් මත හෝ හිතවත්කම් මත ස්ථානාධිපතිවරුන් පත් නොකරන බව අවධාරණය කර සිටින ඇමතිවරයා, සුදුසුකම් මත ඔවුන් නිවැරදි ස්ථානවලට පත් කිරීමට කටයුතු කරගෙන යන බවද කියා සිටියි.
එසේම, තමන් පදිංචි ප්‍රදේශයේ හෝ තමන්ගේ හෝ බිරිඳගේ මුල් ගම් ප්‍රදේශවලට ආසන්න කිසිඳු පොලිස් ස්ථානයකට පත්වීම් නොදීමට ද අමාත්‍යවරයා තීරණය කර ඇත.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න