leader s

මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර වැලිකඩ බන්ධනාගාරයේදී පෞද්ගලික ජංගම දුරකතනයක් භාවිත කර ඇතිදැයි සෙවීමට

විමර්ශනයක් ආරම්භ කර ඇත.

සැකකරු කිසියම් පුද්ගලයෙකු සමග දුරකතන සංවාදයක නිරතවන හඬපටයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.

ඒ අනුව ඉසුරු බන්ධනාගාරයේ සුබසාධන අංශයේ රැඳවුම්කරුවන්ටදී ඇති දුරකතනයෙන් මෙම ඇමැතුම ගත්තේ ද නැත්නම් ඊට තම පෞද්ගලික දුරකතනයක් භාවිත කළේ ද කියා සෙවීමට බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර ඇත.

මීට පෙර තිලිණි ප්‍රියමාලි සතුව තිබී බන්ධනාගාර නිලධාරීන් විසින් ජංගම දුරකතන දෙකක් තම භාරයට ගනු ලැබිණි.

සමාජ මාධ්‍යයේ සංසරණය වන හඬපට කිහිපයක් පහත පළවේ.  


(මුලාශ්‍රය - mawbima.lk)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්