දෙමළ මහවිරුවන් සැමරීමේ සංවත්සරය නොවැම්බර් 27 ඉරිදා යාපනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට මේවනවිට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.



යුද බිමේ දිවිපිදූ දෙමල විරුවන් මිහිදන් කළ සුසාන භූමි එළිපෙහෙළි කිරීමට පසු ගිය දිනවල ඔවුන්ගේ ඥාතීන්ට හා ක්‍රියාධරයන්ට සිදුව තිබුනේ පොලිසියේත් එම සොහොන් කොත් ඩෝසර් කර කඳවුරු ගසා සිටින යුද හමුදාවේ මහත් හිරිහැර මැදය.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ද විශ්වවිද්‍යාල භුමිය තුලදී 21 දින මහවිරු සැමරුම් සතිය ආරම්භ කරමින් උතුරේ යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී .ඊ සාමාජිකයන් වෙනුවෙන් අලුතින් තීන්ත ආලේප කරන ලද ස්මාරකයට  පුෂ්ප උපහාර දක්වා විචිත්‍රවත් ලෙස ඔවුන් සැමරීමට කටයුතු කර තිබුනි.


jds

jds 1 

 

උතුරු නැගෙනහිර දැවැන්ත පෝස්ටර් මෙහෙයුමක්
 

මේ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ශංකර් දිවි පිදූ දිනය සිහිපත් කරමින් නොවැම්බර් 27 දා සමරනු ලබන මහවිරු දිනයේ උතුරු නැගෙනහිර මුල් කරගෙන සංවිධානය කර ඇති උත්සව මාලාව ඉලක්ක කර ගනිමින්, එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කරන ලද ලක්ෂ්මන් දිරිගාමර්, නීලන් තිරුචෙල්ලම්, රාජිණී තිරාණගම, දොරේඅප්පා, ඇතුළු 09 දෙනෙකුගේ ඡායාරූප ඇතුළත් පෝස්ටරයක් ප්‍රදර්ශනය කිරීමට ආරක්ෂක අංශ විසින් කටයුතු යොදා ඇත.
 

එම පෝස්ටරය උතුරු නැගෙනහිර කලාපයම ආවරණය වන ආකාරයට අලවා ඇතැයි වාර්තා වේ.

zsdww

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates