පොහොට්ටුවේ සහ එජාපයේ මූලිකත්වයෙන් තවත් පක්ෂ ගණනාවක ජ්‍යෙෂ්ඨයන්ගේද දායකත්වය ඇතිව නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීම

සඳහා ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර මූලික අදහස් හුවමාරුවක් සිදුව ඇතැයි 'දේශය' ජාතික පුවත්පත (deshaya.lk) වාර්තා කර තිබේ.


මෙම නව සන්ධානය ඉදිරි මහ මැතිවරණය හා ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන සකස් කෙරෙනු ඇති බවත්, ඒ සඳහා පොහොට්ටුව සහ එජාපය ඍජුව සම්බන්ධ වන අතර ශ්‍රීලනිපයෙන් කැඩී ගිය කොටසක්ද, සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසක්ද එක්කර ගැනීමට සැලසුම් කර ඇති බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.


මෙම සන්ධානය කිසිඳු ආකාරයකින් පළාත් පාලන මැතිවරණයක ඉලක්කකර ගෙන ගොඩනගන දේශපාලන පෙරමුණක් නොවනබව ද පැවසේ.


පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සමග සිදුකල සාකච්ජා සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් හෙට පස්වරු 4.30 ට පැවැත්වෙන එම පක්ෂයේ කළමනාකරණ කමිටුවේදී කරුණු පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිතව ඇතැයි ද වාර්තාවේ.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්