ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙසින් තේරී පත් වී සිටින ගෝඨාබය රාජපක්ෂ සඳුදා (නොවැම්බර් 18) අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය ඉදිරිපස දී නව පදවියේ දිවුරුම්දීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ජනතාව තමා වෙත තැබූ විශ්වාසය ඒ අන්දමින්ම සුරකින්නේ යයි පොරොන්දු වන බව ශ්‍රී ලංකාවේ 07 වන ජනාධිපති වශයෙන් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී අදහස් දක්වමිනි.

මැතිවරණ කොමිසමේ සභාපති වරයා විසින් සිය කතාවේ දී ඉල්ලා සිටි පරිදි "අතුරුදහන් කරන ලද පළාත් සභා මැතිවරණය" නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බව ද ගෝඨාබය රාජපක්ෂ සඳහන් කළේය.

ප්‍රීති ඝෝෂා

නව ජනපති ලෙසින් තේරී පත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ කොමිසම් භූමියෙන් පිටව ගිය අවස්ථාවේ ඒ අවට රැස්ව සිටි ආධාරකරුවෝ ප්‍රීති ඝෝෂා නැගූහ.

වීඩියෝ 


ජනපති මෛත්‍රිගෙන් සුභ පැතුම්

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වී සිටින ගෝඨාබය රාජපක්ෂට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සුබ පැතුම් එක් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

"ජනාධිපති ධුරයට තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂගේ ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් මාගේ හෘදයාංගම ශුභාශිංසන!" යනුවෙන් ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

Screen Shot 2019 11 17 at 8.30.38 PM
සෙනසුරාදා පැවති ජනාධිපතිවරණයේ අවසාන ප්‍රතිඵලය ඉරිදා (නොවැම්බර් 17) සවස 3:30 ට පමණ මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

ඒ අනුව ප්‍රකාශිත ඡන්දවලින් 52.2% ක් ලබාගෙන පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හත්වෙනි විධායක ජනාධිපතිවරයා ලෙසින් තේරී පත් වී තිබේ.

ඔහු සිය ප්‍රධාන ප්‍රතිවාදියා වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාසට වඩා ලක්ෂ 13 කට ආසන්න වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබේ.

සජිත් ප්‍රේමදාස පරාජය පිළිගනී !

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඊට ඉහතදී සිය පරාජය පිළිගත්තේය. සිය පරාජය පිළිගනිමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. 

Sajith 2019.11.17එක්සත් ජාතික පක්ෂයේ තමන් දැරූ නියෝජ්‍ය නායක තනතුරින් ද වහාම ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසයි. 

මංගල -හරින් හා මලික් ඉල්ලා අස්වේ !

ඉන් අනතුරුව සිය අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වන බව මංගල සමරවීර, හරීන් ප්‍රනාන්දු හා මලික් සමරවික්‍රම අමාත්‍යවරුන් දැනටමත් නිවේදනය කොට තිබේ.

අවසාන ප්‍රතිඵලය තවමත් නිවේදනය කොට නැතත්, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පරාජය භාරගැනීමෙන් අනතුරුව ගෝඨාබය රාජපක්ෂට සුභ පතමින් දෙස්, විදෙස් ප්‍රතිචාර පළවෙමින් තිබේ. 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගෝඨාභය රාජපක්ෂට සහ ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ට සුභ පතා තිබුණි. 

ජනාධිපතිවරණය ජයගත් ගෝඨාබය රාජපක්ෂට තම සුභපැතුම් පිරිනමන බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.

Screen Shot 2019 11 17 at 8.38.34 PM
(බීබීසී සිංහල සංදේශය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්