රජයේ හමුදාවට චෝදනා නැගෙන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ ලේඛන ළඟ තබා ගැනීමට

විරුද්ධව ත්‍රස්ත නීති යටතේ රජය විසින් පවරා තිබු  නඩුවකින් උතුරේ හිටපු ශිෂ්‍ය නායකයන් දෙදෙනකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ මහාධිකරණයේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ නඩුව නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීමත් සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සහ හිටපු ලේකම් නිදොස් කොට නිදහස් කිරීමට නොවැම්බර් 29 වැනි අගහරුවාදා විනිසුරු නියෝග කර ඇත.



සිය ගණනක් සෙබළුන් යොදා ගනිමින් 2019 වසරේ මැයි 4 වැනිදා හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය යාපන සරසවියේ කළ ඒකාබද්ධ වැටලීමකදී අත්අඩංගුවට ගත් සිසු නායකයන්ගේ නේවාසිකාගාර කාමර වල තිබී විමුක්ති කොටි නායක ප්‍රභාකරන්ගේ සේයා රුවක් හා රජයේ හමුදා මගින් සිදු කළ මානව හිමිකම් උල්ලංඝන ගැන විස්තර ඇතුලත් ලියවිල්ලක් සොයා ගන්නා ලද බව පොලිසිය නිවේදනය කර තිබුණි.

 

පසුව, එවකට යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ සභාපති එම්. දිවාකරන් සහ ලේකම් එස්. කපිල්රාජ් කෝපායි පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට එරෙහිව නඩු පැවරුන අතර යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශිෂ්‍ය සංගම් නායකයන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනි.

ඉන් අනතුරුව 2019 මැයි 16 වැනිදා ඔවුන් ඇප මත මුදා හළ යාපනය මහාධිකරණ විනිසුරුවරයා විසින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ චෝදනා නගා ඇති වැරදි ගැන යළි සලකා බලන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට හා පොලිසියට නියෝග කර තිබුණි.

එසේ වෙතත් ශිෂ්‍ය නායකයන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබුනි.

අගනගරයේ වාර්තාකරුවන් පවසන්නේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමත් සමග ශිෂ්‍ය සංගම් නායකයන් දෙදෙනා නිදොස් කොට නිදහස් කළ බවයි.

ශිෂ්‍ය සංගම් නායකයන් දෙදෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්ද්‍රන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්