leader s

පාසල් තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ.


මේ අතරඊයේ (01) කොළඹදී මාධ්‍ය අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි පැවසුවේ, බස්නාහිර සහ දකුණු පළාත්වලට අමතරව කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පාසල් සිසුන් අතරද මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතය අධික ලෙස ඉහළ ගොස් ඇති බවය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පොලිස් විශේෂ කාර්ය බළකාය අනෙකුත් රාජකාරීවලින් ඉවත් කර මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පමණක් යෙදවීමට ඉදිරියේ දී කටයුතු කරන බවය.

වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ අත්අඩංගුවට ගැනෙන හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1,100ත් 2,000ත් අතර වෙයි.

හෙරොයින් මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් අලෙවි වන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ බවද සමීක්ෂණවලින් අනාවරණ වී ඇත.

එමෙන්ම විවිධ මත්ද්‍රව්‍ය පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව අතර ව්‍යප්ත කරවීමටද ජාවාරම්කරුවන් සංවිධානාත්මක වැඩසටහන් ජාලයක් දියත්කර ඇති බවට නිරීක්ෂණය වී තිබේ.

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මේවනවිට විශේෂ කාර්ය බලකායේ ප්‍රධානින් කැඳවා අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇත.  එසේම, කලා ශිල්පින් හා තරුණ ප්‍රජාවේ දායකත්වය ඇතිව ප්‍රජා පොලිස් ඒකකයේ සහභාගිත්වයෙන් මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා වූ පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ද ආරම්භ කිරීමට ඔහු විසින් මේවනවිට කටයුතු යොදා තිබේ. 

 
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්