පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළේය.

අනෙක් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා සහ එම්. ඒ. සුමන්දිරන් යන මන්ත්‍රීවරු විසිනි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා අග්‍රාමාත්‍යවරයා නම් කර තිබේ.


පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි. එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී  රත්නායක සඳහන් කළේ එම වැය ඇස්තමේන්තුවට මෙවර අයවැයෙන් අනුමැතිය හිමිවී ඇති බවයි.



සබැඳි පුවත් :
පුංචි ඡන්දය ගැන තීරණයක් ගනී : බිලියන 10ක වැය ඇස්තමේන්තුවක්

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්