leader s

නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක පිහිටි දෙමළ ජනයාට අයත් පාරම්පරික ඉඩම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට

පවරා ගැනීමට දැරූ උත්සාහයක් ජනතා විරෝධය හමුවේ නවතා දමා තිබේ.


මඩකලපුව දිස්ත්‍රික්කයේ පඩුවාංකරෙයි, පෝරතිව්පත්තු  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනටමත් සලකුණු කර ඇති ස්ථානවල මායිම් ගල් සවි කිරීම සදහා දෙසැම්බර් 12 වැනි සදුදා පැමිණි අවස්ථාවේ ජනතා නියෝජිතයන් සමග එක්වු ඉඩම් හිමියන් සිය විරෝධය දක්වා ඇත.

පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් ලෙස සලකුණු කර ඇති වෙටුචේනයි සහ වෙල්ලාවේලි කල්ලඩි  පිල්ලයාර් කෝවිල ආශ්‍රිතව ද දෙමළ ජනතාවගේ පාරම්පරික වාසභුමි දක්නට ලැබෙන බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

සලකුණු කර ඇති ස්ථාන වල මායිම් ගල් සවි කිරීමේ කටයුත්තට ජනතාවගේ සහ ජනතා නියෝජිතයන්ගේ දැඩි විරෝධය එල්ල වීමත් සමග පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැල්ලවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ආර්. රාහුලනායගි ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ ඒ සම්බන්ධයෙන්  සාකච්ඡා කර තිබේ.

එම සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍යන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.අරියනේන්ද්‍රන්, නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්. නඩරාසා, පෝරතිව්පත්තු ප්‍රාදේශිය සභාවේ සභාපති වයි. රජනි ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඉඩම් හිමියන් සහ ජනතා නියෝජිතයන් ලබන වසරේ ජනවාරි 15 වැනිදායින් පසුව  සාකච්ඡාවක් පැවැත්වීමට එහිදී තීරණය වී තිබේ.

පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ වෙල්ලාවේලි කල්ලඩි පිල්ලයාර් කෝවිල ආශ්‍රිත ප්‍රදේශයට අමතරව වෙටුචේනයි ප්‍රදේශයේ දෙමළ ජනතාවට අයත්  ස්ථාන 40 ක පමණ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මායිම් ගල් දැමීම සදහා ස්ථාන සලකුණු කර ඇති බවයි.

001

002

003

  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil