හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු

විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාගය සඳහා ලබන වසරේ මාර්තු 21 වෙනි දා කැඳවීමට පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (16) නියෝග කර තිබේ.


නීතිපතිවරයා විසින් නඩුව පවරා ඇත්තේ, 2015 වසරේ පෙබරවාරි 27 වනදා පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී රජයට අයත් රුපියල් මිලියන 688ක අලාභයක් සිදුකිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්,  පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 09 දෙනෙකුට එරෙහිව ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඩුල්ල පූර්ව නඩු විභාගය සම්බන්ධයෙන් අවසන් වරට පැමිණිල්ලට දින ලබාදීම සිදු කළේ ය.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්