The Leader News
BREAKING
යටිතල පහසුකම් අර්බුදයට පෞද්ගලික මුදල්: අවදානම ජනතාවට ද?●කඩා වැටීම් මැදින් නැගී සිටි රශිප්‍රභාගේ ජීවිත පාඩම●ඉරාන නාවිකයන් 40ක් ගාල්ලෙන් ගොඩබිමට: ජාත්‍යන්තර මානුෂීය වගකීම●හෝමාගම පොලිස් අත්අඩංගුවේ තරුණ පියෙකුගේ මරණය ගැන විශේෂ විමර්ශනයක්●ලූලාගේ සිව්වන ආගමනයට කොළඹින් ගිය සටන්කාමී සුබපැතුම●විදුලි වාහන රැල්ල හමුවේ මතු වන බැටරි අර්බුදය●ෆෝට්‍රස් රිසෝර්ට්ස් පාලනය වැලිබල් වන් අතට: කෝටි 73ක ගනුදෙනුවක්●බෙංගාල බොක්ක කැළඹෙද්දී දිවයිනේ දිස්ත්‍රික්ක 22කට වැසි අනතුරු ඇඟවීමක්●දේශීය නිෂ්පාදන ලෝකයට ගෙනියන්න පළාත් මට්ටමින් ‘ඇසුරුම් සායන’●දීර්ඝකාලීන තනිකම මොළයේ මතක කලාප හැකිළීමට හේතුවෙයි●
Top Ad
පුවත්

ක්‍රීඩා ඇමතිවරයාගේ ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම් ලොක්කෝ රැසක් දොට්ට !

T

The Leader Desk

December 21, 2022 • 5:41 AM

ක්‍රීඩා ඇමතිවරයාගේ ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම් ලොක්කෝ රැසක් දොට්ට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනට මුල්පුටු දරණ බොහෝ දෙනකුට මෙවර නිලවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමිවේ.
  • එසේම, උප සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස හා ලේකම් මොහාන් ද සිල්වා වයස අවුරුදු 70 ට වැඩි වීම නිසාත්, උප සභාපති රවින් වික්‍රමරත්න අවුරුදු 8 ක් විධායක සභාවේ සිටීම නිසාත් යළි තරග කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
  • පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජැස්වර් උමාර්ටද මීට පෙර අමාත්‍යාංශයේ දූෂණ විමර්ෂණ ඒකකයක් මගින් වරදකරුවකු බවට නිර්දේශ කර ඇති බැවින් ඔහුටද යළි තරග කළ නොහැකිබව පැවසුන ද ඔහු පාපන්දු නිලවරණය සඳහා ඊයේ නාමයෝජනා බාර දී ඇත.
  • බැඩ්මින්ටන් සංගමයේද සභාපති රොහාන් ද සිල්වා හා වූෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්තිටත් නැවත වතාවක් තරග කළ නොහැකි බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනට මුල්පුටු දරණ බොහෝ දෙනකුට මෙවර නිලවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමිවේ. සභාපති ෂම්මි ද සිල්වා දෙවරක්ම සභාපති ධූරය ඉසිලූ බැවින් නව රෙගුලාසි අනුව නැවත තරග කළ නොහැකිය.  එසේම, උප සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස හා ලේකම් මොහාන් ද සිල්වා වයස අවුරුදු 70  ට වැඩි වීම නිසාත්, උප සභාපති රවින් වික්‍රමරත්න අවුරුදු 8 ක් විධායක සභාවේ සිටීම නිසාත් යළි තරග කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

 

පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජැස්වර් උමාර්ටද මීට පෙර අමාත්‍යාංශයේ දූෂණ විමර්ෂණ ඒකකයක් මගින් වරදකරුවකු බවට නිර්දේශ කර ඇති බැවින් ඔහුටද යළි තරග කළ නොහැකිබව පැවසුන ද ඔහු පාපන්දු නිලවරණය සඳහා ඊයේ නාමයෝජනා බාර දී ඇත.

මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු හා ලේකම් ප්‍රේමා පින්නවලටද වයස් මට්ටම හා ඉහළ නිලතල වල රැඳී සිටි කාල සීමාව නිසා යළි තරග කළ නොහැකි වී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වාටද නව රෙගුලාසියට අනුව පිට පිට දෙවරක් ධූරයේ සිටි නිසා නැවත වරක් තරග කළ නොහැක.

බැඩ්මින්ටන් සංගමයේද සභාපති රොහාන් ද සිල්වා හා වූෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්තිටත් නැවත වතාවක් තරග කළ නොහැකි බව වාර්තා වේ.

මේ අතර තවත් කිහිප දෙනකුම නව රෙගුලාසිවලට අනුව වසර තුනක වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බැවින් තම වත්කම් හෙළි දරව් වන නිසා ඉදිරිපත් නොවී සිටීමට  තීරණය කර ඇත. ක්‍රිකට් ආයතනයේද මෙවැන්නන් කිහිප දෙනකුම සිටින බවත් වාර්තාවේ .


ක්‍රීඩා ඇමතිවරයාගේ මෙම පියවර තුලින් ක්‍රීඩා ක්ෂේත්‍රයට බොහෝ යහපත් ප්‍රතිඵල ක්‍රීඩාවට උදා කරනු ඇතැයි ඇතැමුන් පැවසුවද තවත් පිරිස් මෙම ගැසට් නිවේදනය දැඩි ලෙස විවේචනය කර ඇත්තේ එය අමාත්‍ය උපදේශක අර්ජුන රණතුංග විසින් ඇමතිවරයා නොමග යවමින් ක්‍රීඩාවට සිදුකර ඇති බරපතල හානියක් ලෙසිනි.

ඇතැම් ක්‍රීඩා සමාජ මෙම ගැසට් නිවේදනයට එරෙහිව අධිකරණයට යාමට දැනටම පියවර ගනිමින් සිටින බව වාර්තාවේ.



ක්‍රීඩා ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති ගැසට් නිවේදන පහතින්

ගැසට් නිවේදන 2310/26

ගැසට් නිවේදන 2310/27

ගැසට් නිවේදන 2310/28



(උපුටා ගැනීම් - lankasara.com)


සබැඳි පුවත් :


ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ : ක්‍රීඩා සංගම්වලට තහංචි පැනවේ!

ක්‍රීඩා ඇමති ගේමට බසී - ක්‍රීඩා සම්මේලන තනතුරු වලට සිමා පනවයි !

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...