The Leader News
BREAKING
යටිතල පහසුකම් අර්බුදයට පෞද්ගලික මුදල්: අවදානම ජනතාවට ද?●කඩා වැටීම් මැදින් නැගී සිටි රශිප්‍රභාගේ ජීවිත පාඩම●ඉරාන නාවිකයන් 40ක් ගාල්ලෙන් ගොඩබිමට: ජාත්‍යන්තර මානුෂීය වගකීම●හෝමාගම පොලිස් අත්අඩංගුවේ තරුණ පියෙකුගේ මරණය ගැන විශේෂ විමර්ශනයක්●ලූලාගේ සිව්වන ආගමනයට කොළඹින් ගිය සටන්කාමී සුබපැතුම●විදුලි වාහන රැල්ල හමුවේ මතු වන බැටරි අර්බුදය●ෆෝට්‍රස් රිසෝර්ට්ස් පාලනය වැලිබල් වන් අතට: කෝටි 73ක ගනුදෙනුවක්●බෙංගාල බොක්ක කැළඹෙද්දී දිවයිනේ දිස්ත්‍රික්ක 22කට වැසි අනතුරු ඇඟවීමක්●දේශීය නිෂ්පාදන ලෝකයට ගෙනියන්න පළාත් මට්ටමින් ‘ඇසුරුම් සායන’●දීර්ඝකාලීන තනිකම මොළයේ මතක කලාප හැකිළීමට හේතුවෙයි●
Top Ad
පුවත්

ක්‍රීඩා ඇමතිගේ ගෑසට්ටුවට එරෙහිව ක්‍රීඩා සංගම් නඩු මගට

T

The Leader Desk

December 22, 2022 • 3:43 AM

 ක්‍රීඩා ඇමතිගේ ගෑසට්ටුවට එරෙහිව ක්‍රීඩා සංගම් නඩු මගට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ක්‍රීඩාව වලපල්ලට යැවීමට උත්සාහ දරන කිහිප දෙනෙකුගේ උවමනාවන් මත මෙම ක්‍රීඩා පනතට සංශෝධන සිදුකර ඇති බවට ක්‍රීඩා සංගම් ප්‍රකාශ කරයි.
  • ඒ අනුව ඉදිරියේදී ක්‍රිකට්, රග්බි, පාපන්දු, කරාතේ, ජාතික ඔලිම්පික් කමිටුව, ටෙනිස් ඇතුළු ක්‍රීඩා සංගම් රැසක් මෙම සංශෝධන වලට එරෙහිව අධිකරණමය ක්‍රියාවලියකට පිවිසීමට තීරණය කර ඇත.
  • ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කර ඇති ක්‍රීඩා සංගම් සඳහා බලපාන නව ගැසට් නිවේදනයට අනුව මෙරට ප්‍රධාන ක්‍රීඩා සංගම් රැසක නිලධාරින්ට ඉදිරි නිලවරණවලට තරග කිරීමේ අවස්ථාව අහිමිවී ඇත.
  • දෙවරක් ධුර කාල සම්පූර්ණ කිරීම සහ වසර 8 ක විධායක කමිටු සාමාජිකත්වය සම්පූර්ණ වීම හේතුවෙන් වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ද ඉදිරි නිලවරණයට තරග කිරීමේ අවස්ථාව මෙම ගැසට් නිවේදනයේ කොන්දේසි වලට අනුව අහිමි වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පවරන බවයි.

මෙරට ක්‍රීඩාව වලපල්ලට යැවීමට උත්සාහ දරන කිහිප දෙනෙකුගේ උවමනාවන් මත මෙම ක්‍රීඩා පනතට සංශෝධන සිදුකර ඇති බවට ක්‍රීඩා සංගම් ප්‍රකාශ කරයි.

ඒ අනුව ඉදිරියේදී ක්‍රිකට්, රග්බි, පාපන්දු, කරාතේ, ජාතික ඔලිම්පික් කමිටුව, ටෙනිස් ඇතුළු ක්‍රීඩා සංගම් රැසක් මෙම සංශෝධන වලට එරෙහිව අධිකරණමය ක්‍රියාවලියකට පිවිසීමට තීරණය කර ඇත.


ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කර ඇති ක්‍රීඩා සංගම් සඳහා බලපාන නව ගැසට් නිවේදනයට අනුව මෙරට ප්‍රධාන ක්‍රීඩා සංගම් රැසක නිලධාරින්ට ඉදිරි නිලවරණවලට තරග කිරීමේ අවස්ථාව අහිමිවී ඇත. ඒ නව ගැසට් නිවේදනයෙන් පැනවෙන කොන්දේසිවලට අනුවයි.


දෙවරක් ධුර කාල සම්පූර්ණ කිරීම සහ වසර 8 ක විධායක කමිටු සාමාජිකත්වය සම්පූර්ණ වීම හේතුවෙන් වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ද ඉදිරි නිලවරණයට තරග කිරීමේ අවස්ථාව මෙම ගැසට් නිවේදනයේ කොන්දේසි වලට අනුව අහිමි වනු ඇත.

කොන්දේසියේම වත්මන් ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා සහ විධායක කමිටු සාමාජිකයින් වන ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්නට ද බලපානු ඇත.

එමෙන්ම ක්‍රීඩා පරිපාලනයට වයස අවුරුදු 70 ක උපරිම වයස් සීමාවක් පැනවීම හේතුවෙන් ද ක්‍රිකට් සහ තවත් ක්‍රීඩා සංගම් රැසක වත්මන් නිලධාරින්ට ඉදිරියේ නිලවරණයට තරග කිරීමට ඉඩ අවස්ථාව අහිමිවේ.

ඒ අතර, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා සහ ලේකම්වරයාත්, මළල ක්‍රිඩා සංගමයේ වත්මන් සභාපතිවරයාත් සිටිති.


මේ අතර, හිටපු ක්‍රිකට් අතුරු කමිටු සභාපති වරයෙක් වූ සිදත් වෙත්තමුණි 'හිරු' ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කර ඇත්තේ, නව සංශෝධන ක්‍රිකට් සඳහා ඵලදායී නොවන අතර, ඒ සඳහා වෙනම ව්‍යවස්ථාවක් සකස් විය යුතු බවයි.


ක්‍රීඩා ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති ගැසට් නිවේදන පහතින්


ගැසට් නිවේදන 2310/26

ගැසට් නිවේදන 2310/27

ගැසට් නිවේදන 2310/28


සබැඳි පුවත් :


පාපන්දු නිලවරණය: ජස්වර් උමාර් සහ ශ්‍රී රංගා තරඟයට එයි

ක්‍රීඩා ඇමතිවරයාගේ ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම් ලොක්කෝ රැසක් දොට්ට !

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ : ක්‍රීඩා සංගම්වලට තහංචි පැනවේ!

ක්‍රීඩා ඇමති ගේමට බසී - ක්‍රීඩා සම්මේලන තනතුරු වලට සිමා පනවයි !

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...