ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය විසින් 'ලිබරල් පක්ෂය' එම පොදු එකමුතුවෙන් ඉවත් කොට තිබේ.



ලිබරල් පක්ෂයට මේ වන විට මුදල් පොම්ප කරන්නේ මුතුරාජවෙල රක්ෂිතයට අයත් අක්කර 100ක භූමි භාගයක් ගොඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආන්දෝලනාත්මක ව්‍යාපාරිකයෙකු වීම එම තීරණය සඳහා ආසන්නත ම හේතුව බව පැවසේ.

මෙම මුතුරාජවෙල වන විනාශය සම්බන්ධයෙන් පරිසර සංවිධාන ගණනාවක් විරෝධය පළ කළ අතර සිරස රූපවාහිනි නාලිකාව ඒ සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම් ගණනාවක් සිදු කර ඇත.

 

කේ.එස්.ටී පෙරේරා නම් මේ ව්‍යාපාරිකයා හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ගේ සමීපතමයෙකු බව වාර්තා වේ. මෙම ආන්දෝලනාත්මක ව්‍යාපාරිකයා විසින් ලිබරල් පක්ෂය මිලදී ගෙන ඇති අතර ඉන්පසු ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම් අමල් රන්දෙණිය ලිබරල් පක්ෂයේ නව මහලේකම් ලෙස පත්කොට තිබේ. අමල් රන්දෙණිය එම ව්‍යාපාරිකයා ගේ පුද්ගලික නීතිඥවරයා වශයෙන් ද කටයුතු කරයි.

 

එම ව්‍යාපාරිකයාගේ සමීප ඥාතීන් සහ හිතවතුන් පිරිසක් එම පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය වශයෙන් පත් කොට ඇති අතර එම නව නිලධාරී මණ්ඩලය සඳහන් ලේඛනයක් මෙතෙක් මැතිවරණ මහලේකම් කාර්‍යාලයට භාර දී නොමැත.

ශ්‍රී ලංකාවේ ප්‍රකට විද්වතෙකු වූ ආචාර්‍ය චානක අමරතුංග විසින් ලිබරල් පක්ෂය 1987 වසරේ දී ආරම්භ කරන ලද අතර පසුව මහාචාර්‍ය රජීව විජේසිංහ එහි නායකයා වශයෙන් කටයුතු කළේය.  කේ.එස්.ටී පෙරේරා විසින් ලිබරල් පක්ෂය මිලට ගෙන ඇත්තේ එහි වර්තමාන නායකයා වන කමල් නිස්සංකගෙන් බව වාර්තා වේ.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය තුළ ලිබරල් පක්ෂය ඇතුළු සංවිධාන සහ පාර්ශ්වයන් ගණනාවක් කටයුතු කළ අතර එහි කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන්නේ මාධ්‍යවේදීයකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වන රසික ජයකොඩි ය.

ජාතික හරිත පෙරමුණ ඇතුළු පක්ෂ සහ සංවිධාන 30ක් මේ වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය සමග එක්ව කටයුතු කරයි.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්