theleaderlk 01

පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගතකිරීම සඳහා පසුගියදා විදේශගත වූ හිටපු ජනාධිපති ගෝඨාභය

රාජපක්ෂ ලබන 05 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.

ඔහු සිය බිරිය අයෝමා රාජපක්ෂ, පුත් දමින්ද මනෝජ් රාජපක්ෂ, ලේලිය එස්.ඩී. රාජපක්ෂ සහ මිනිබිරිය වන ඩී.එච්. රාජපක්ෂ සමග දෙසැම්බර් 26 දා ඩුබායි බලා පිටත්ව ගියේය. හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර ඩුබායි බලා පිටත්වගොස් තිබුනේ ඊට පෙරදිනයි.

සිය බිරිඳ හා පෞද්ගලික ලේකම්වරයා සමග හිටපු ජනාධිපතිවරයා ජනවාරි 05 දා මෙරටට පැමිණීමට නියමිත බවත් පුතා, ලේලිය හා මිනිබිරිය යලි ඇමරිකාව බලා පිටත්වයාමට නියමිත බවත් පවුලේ ආරංචිමාර්ග පවසයි.

හිටපු ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයින් සමග පසුගිය දින කිහිපයේ විවේක සුවයෙන් පසුවූ බවත්, නිදහසේ ගමන් බිමන් ගියබවත්, ඒ අතරතුර ඩුබායි හි වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම්  ශ්‍රී ලාංකිකයින් සමග සුහද කතාබහක යෙදී ඇති බවත් එම ආරංචිමාර්ග තවදුරටත් කියා සිටියි. එවැනි ශ්‍රී ලාංකිකයින් ඔහු සමග සෙල්පි ජයාරූප ගැනීමට බලවත්සේ උනන්දු වූ බවත් වාර්තාවේ.

 

 


JW