The Leader News
BREAKING
Top Ad
පුවත්

මහ බැංකුව ‘කටුවෙන් එළියට ඇවිත්’ කරුණු 15 කට උත්තර දිය යුතුයි - රජිත් කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

May 26, 2026 • 4:12 PM

මහ බැංකුව ‘කටුවෙන් එළියට ඇවිත්’ කරුණු 15 කට උත්තර දිය යුතුයි - රජිත් කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උත්සාහ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
  • මේ නිසා හුදු පුවත්පත් නිවේදනවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින කීර්ති තෙන්නකෝන්, මෙම බරපතළ කරුණු සම්බන්ධයෙන් 'කටුවෙන් එළියට පැමිණ' සෘජු හා විශ්වසනීය පිළිතුරු ලබා දෙන ලෙස මහ බැංකුවට විවෘත ආරාධනයක් කර සිටියි.
  • ඔහු විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය මතු පළවේ.
  • ශ්‍රී ලංකා මහ බැංකුව 2026 මැයි 25 දින වාක්‍ය දෙකකින් යුතු නිවේදනයක් නිකුත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

උත්සාහ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

අද (මැයි 26) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කර සිටින්නේ, මහ බැංකුව විසින් සිදු කරන නිල නොවන ඩොලර් පාලනය, රුපියල් බිලියන 2,146 කින් පුළුල් මුදල් සැපයුම (M2b) ප්‍රසාරණය කිරීම හෙවත් තාක්ෂණිකව මුදල් අච්චු ගැසීම සහ පොලී අනුපාත ඉහළ දැමීම වැනි ආර්ථිකයට සෘජුව බලපාන කරුණු 15 ක් සම්බන්ධයෙන් දත්ත පාදක විග්‍රහයක් ඉදිරිපත් කිරීමට මහ බැංකුව අපොහොසත් වී ඇති බවයි.

එමෙන්ම, මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පවතින රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල මෙන්ම විවිධ රාජ්‍ය ආයතන තුළ මෑතකදී සිදු වූ බිලියන ගණනක මූල්‍ය අක්‍රමිකතා, ඩොලර් මිලියන 2.5 ක අතුරුදන් වීම් සහ පිරමිඩ ජාවාරම් පිළිබඳව වගකිවයුතු ආයතනයක් ලෙස මහ බැංකුව නිශ්චිත පැහැදිලි කිරීමක් කර නැති බවද ඔහු පෙන්වා දෙයි.

මේ නිසා හුදු පුවත්පත් නිවේදනවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින කීර්ති තෙන්නකෝන්, මෙම බරපතළ කරුණු සම්බන්ධයෙන් 'කටුවෙන් එළියට පැමිණ' සෘජු හා විශ්වසනීය පිළිතුරු ලබා දෙන ලෙස මහ බැංකුවට විවෘත ආරාධනයක් කර සිටියි.

ඔහු විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය මතු පළවේ.

මහ බැංකුවට විවෘත ආරාධනයක්- කටුවෙන් එළියට ඇවිත් උත්තර දෙන්න

රැවටෙන්න එපා!  ශ්‍රී ලංකා මහ බැංකුව 2026 මැයි 25 දින වාක්‍ය දෙකකින් යුතු නිවේදනයක් නිකුත් කර ඇත. එය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ පුවත්පත් නිවේදනයට දැක්වූ ප්‍රතිචාරයකි.

මෙයට මාස 9 කට පෙර ද මහ බැංකුව ‘රැවටෙන්නට එපා!’ සමාජ මාධ්‍ය දැන්වීමක් පළ කළේය.    

| රැවටෙන්න එපා!  - මාස 9 කට පෙර පළමු සමාජ මාධ්‍ය කාඩ් එක

'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානය විසින් භාණ්ඩාගාර මංකොල්ලය සිදු කර දින 35 ක් ගතවී ඇති නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ පිළිබඳව හෝ තම අධීක්ෂණය යටතේ ඇති ක්‍රියාකාරකම් ගැන පැහැදිලි කිරීමක් සිදු කර නැත.  

මෙයට පෙර 2015 දී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මගඩිය අවස්ථාවේ දී ඒ පිළිබඳ අනාවරණය කළේ ද, අර්ජුන මහේන්ද්‍රන් දෙවන වාරය සඳහා අධිපති ධූරයට පත් කිරීම වැලැක්වීමට නඩු පවරනු ලැබූවේ දී රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි.

2021 දී අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමට වැලැක්වීමට රජිත් කිර්ති තෙන්නකෝන් විසින් නඩු පවරනු ලැබූ නමුත් නීතිපතිවරයා එයට විරුද්ධ වූයේය.  

2022 දී මුදල් අච්චු ගැසීම පිළිබඳ මාගේ නිවේදනයටත් එදා මහ බැංකුව ‍’රැවටෙන්න එපා’ යැයි කී අතර එයින් දින 100 කටත් අඩු කාලයක් තුල රට බුන්වත් භාවය (Bankruptcy)  ප්‍රකාශයට පත් කළේය. කබ්රාල් මහතා විදේශගතවීම වැලැක්වීම වැලැක්වීමට අධිකරණ නියෝගයක් ගනු ලැබුවේ රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි.

අප සංවිධානයේ පුවත්පත් නිවේදනයේ දැක්වෙන  කරුණු 15 කට මහ බැංකුව සෘජු හා විශ්වසනීය පිළිතුරු ලබාදී නැත.  

ඩො.මි. 2.5 සිද්ධියෙන් පසුව අතිගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට නොපැමිණි ලෙසම, මුදල් ලේකම් මාධ්‍ය මඟහරින ලෙසම, මහ බැංකුව ද විෂයගත කරුණට නිශ්චිත කරුණු දැක්වීම් සිදු කරන්නේ නැත.

  1. රැවටෙන්න එපා! 2025 ජනවාරි මස රු. බිලියන 14,439.1 ක් වූ  ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b), 2026 මාර්තු වන විට රු. බිලියන 16,585.7 දක්වා  රු. බිලියන 2,146.1 (ට්‍රිලියන 2.1) කින් ප්‍රසාරණය වී ඇත. එහි බලපෑම මේ වන  විට ආර්ථිකයේ සෑම අංශයක් විසින්ම අත්විදිමින් ඇත.

  2. රැවටෙන්න එපා!  2025 දී රු. බිලියන 1,653.3 ක් ද, 2026 ජනවාරි - මාර්තු දක්වා රු. බි. 610.7 කින් ද ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b) (තාක්ෂණික වශයෙන් මුදල් අච්චු ගැසීම) පුළුල් වී ඇත.

  3. රැවටෙන්න එපා! මහ බංකුව වානිජ්‍ය බැංකුවෙතින් ඩොලර් මිලදී ගැනීමට, සිය සේප්පුවල තැම්පත් කර ඇති රුපියල් නෝට්ටු භාවිත කරයි.   එය මුදල් මැවීමකි  (අච්චු ගැසීමකි)

  4. රැවටෙන්න එපා! ලංකා අර්ථික අර්බුදය ලොව පුරා යහපත් නොවන සිරස්තල මවමින් ඇත. ලංකාවේ උද්ධමනය ගැන ගෝඨාභය සමයේ දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ  Steve Hanke සිය අලුත්ම X පණිවුඩයේ ලංකාව ගැන දක්වන්නේ,  INFLATION STORY = MONEY SUPPLY STORY ලෙසිනි.  2021 අර්බුදය සමයේ දී ද මහ බැංකුව Steve Hanke නිවේදන වැරදි බව නැවත නැවත ප්‍රකාශ කළ නමුත් මහා ව්‍යසනයක් වලක්වා ගත නොහැකි වූවේය.

  5.  රැවටෙන්න එපා! මුදල් අච්චු ගැසීම ගැන වසර 15 ක් සතිපති වාර්තා සපයන රංග සිරිලාල්  X පණිවුඩයකින් පවසන්නේ, Rupee under pressure with Central Bank printing money: Rupee depreciated 7.2% against the US dollar so far this year to 353.17 rupees from last weeks 327.35 & last years 299.61. @CBSL printed 309.4 billion rupees in March bringing first three months printing to Rs. 610.7 billion යනුවෙනි. මහ බැංකුව මේ ගැන කරුණු නොදක්වයි.

  6. රැවටෙන්න එපා! නව මුදල් නෝට්ටු මුද්‍රණය පුළුල් ලෙස දෛනික පරිහරණයට එක්වී ඇත.  2025 ජනවාරි 1 දිනට ට ‘සංසරණයේ පැවති ව්‍යවහාර මුදල්’ රු. මිලියන 1,351,312 ක් විය.  2026 මැයි 22 ට එය රු. මිලියන 1,655,268 දක්වා රු. මිලියන 303,956 ක් වැඩි වී ඇත.  ‍(මහ බැංකු වාර්තාව තුල වෙනස පැහැදිලිව වටහා ගත හැකිය.

  7. රැවටෙන්න එපා. මහ බැංකුවේ අධිපතිවරයා වානිජ්‍ය බැංකු ප්‍රධානීන් හා බලයලත් මුදල් හුවමාරු ආයතන හිමිකරුවන් කැඳවා අවිධිමත් සාකච්ඡා දෙකක දී ඩොලරයේ අගය රු. 329/ 335 සීමාවේ පවත්වා ගැනීමට උපදෙස් ලබාදී ඇත.

  8. රැවටෙන්න එපා! ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් අන්තර් බැංකු හුවමාරුව සඳහා ඩොලරයට රු. 330 ක පාලන මිලක් (නිල නොවන ලෙස) ප්‍රකාශයට පත් කර ඇත.

  9. රැවටෙන්න එපා! ආනයනකරුවන්ට දින 90 ක් තුල මුදල් රටට ගෙන ඒමට දී තිබූ අවස්ථාව මේ වන විට දින 30 දක්වා සීමා කර ඇත.

  10. රැවටෙන්න එපා! උකස් රත්‍රං හා අදාළව 70% ක උපරිම සීමාවක් මහ බැංකුව පනවා ඇත.

  11. රැවටෙන්න එපා! වාහන ව්‍යාපාරය අවුල් ජාලාවක් බවට පත්ව ඇත.

  12. රැවටෙන්න එපා! මැයි 24 දින අනාවැකි පළ කළ ලෙසම, අද (මැයි 26) මහ බැංකුව පොලී අනුපාත  8.75% දක්වා ඉහළ නංවා ඇත.

  13. රැවටෙන්න එපා!  ඉන්ධන මිල ද එලෙසම ඉහළ නැංවීම හැර රජයට වෙනත් විකල්පයක් නැත.

  14. රැවටෙන්න එපා! 2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ විදේශ සංචිත 2026 අප්‍රේල් මස අවසානය වන විට වර්ධනය වී ඇත්තේ ඩොලර් මිලියන 6,759 දක්වා සොච්චමකින් පමණී.  2023 – 2024 වසරවල සෑම මසකට ඩො. මි. 175 බැගින් සංචිත වර්ධනය කර ගැනීමට මහ බැංකුව සමත් වූ නමුත්, අද විදේශ සංචිත එක තැන පල්වෙමින් ඇත.

  15. රැවටෙන්න එපා! 2024 නොවැම්බර් මස රු.බිලියන 28,240.22 ක් වූ මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය 2025 වසර අවසානය වන විට රු. බිලියන 29,994.69 දක්වා රු. බිලියන 1,754.47 කින් ඉහළ ගොස් ඇත. (වසරක අඩුවීම පහත වගුවේ දැක්වේ)

    ශ්‍රී ලංකා මහ බැංකුව ඉහතින් දැක්වූ කරුණු 15 ගැන දත්ත පාදක විග්‍රහයක් සිදු කරන තුරු කරුණු වසන් කිරීමට නිකුත් කරන පුවත්පත් නිවේදන හා සමාජ මාධ්‍ය පෝස්ට් සඳහා රැවටිය යුතු නැත.


මහ බැංකුවේ රැවටෙන්නට එපා! පළමු දැන්වීම මෙයට මාස 9 කට පෙර පළ කර ඇත. එතැන් පටන් අද දක්වා,

  • මහ බැංකුව විසින් ලිපිගොනු සකස් කර මෙහෙයුම් ආරම්භ කළ ගිණුමකින් ඩො.මි. 2.5 ක් අතුරුදන්ව ඇති අතර එයින් මේ දක්වා සොයාගෙන ඇත්තේ ඩොලර් 200 ක් පමණී.

  • මහ බැංකු අධීක්ෂණය යටතේ ඇති NDB බැංකුවේ රු. බිලියන 13 ක් අතුරුදන්වී රටෙන් පිටතට මුදල් රැගෙන ගොස් ඇත.

  • මහ බැංකු අධීක්ෂණය යටතේ ඇති මහජන බැංකුවේ විදේශ විනිමය හුවමාරුවේ දී, රු. මිලියන 656 ක වැඩිපුර ගෙවීමක් සිදු කර ඇත.  

  • මහ බැංකුව අධීක්ෂණය යටතේ ඇති සම්පත් බැංකුවේ මහනුවර ශාඛාවේ දැවැන්ත වංචාවක් සිදුව ඇත.

  • පිරමිඩ ජාවාරම අඛණ්ඩව ඉදිරියට යන්නේය.

  • ශ්‍රී ලංකන් සමාගමේ චෙන්නායි හා මැදපෙරදිග මුදල් හුවමාරුවේ දී මුදල් අතුරුදන්වී ඇත.

  • තැපැල් දෙපාර්තමේන්තුව ඇමරිකානු තැපැල් සේවය (USPS) වෙත ගෙවූ ඇමරිකානු ඩොලර් 625,000 ක්  ද තුන්වන පාර්ශවයක් අතට පත්ව ඇත.

  • මාර්ග සංවර්ධන අධිකාරියේ RDA  ද්විත්ව  මුදල් ගෙවීම් සිදු කරඇත.  

  • අස්වැසුම ලාභීන් 90,000 කට ද්විත්ව/වැඩිපුර මුදල් ගෙවා ඇත. එම මුදල් තවමත් අයකර ගැනීමට හැකිව නැත.

රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය                              
2026 මැයි 26

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...