leader s

පළාත් පාලන මැතිවණයේ ඇප මුදල් බාරගැනීම නැවත දැනුම්දෙනතුරු නතර කරන්නැයි

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කර තිබේ.

කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට අනුව එම නියෝගය නිකුත් කරන බවද රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ නියෝගයේ සදහන්වේ.

werrj

ඇප මුදල් බාරගන්න: මැකෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වයි

කෙසේවුවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, දිස්ත්‍රික් ලේකම්වරුන්ට වහාම දන්වා ඇත්තේ, පළාත් පාලන මැතිවරණයට නියමිත පරිදි ඇප මුදල් සහ නාමයෝජනා බාරගන්නා ලෙසයි.

maco


''ඇප බාර නොගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමක්'' - විපක්ෂ නායක


පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා මැතිවරණ කමිෂන් සභාව විසින් කැඳවා තිබෙන අවස්ථාවක මැතිවරණයට ඇප බාර ගැනීම නැවත දන්වනතුරු නවත්වන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහමුලින්ම උල්ලංඝනය කිරීමක් මෙන්ම, ජනතා පරමාධිපත්‍යයට එරෙහිව යාමක් බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙය සහමුලින්ම මන්දිර සහ මණ්ඩල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයිද කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී අද (10)මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසීය.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාට පසු මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාදාමය පවත්වාගෙන යාම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් බවත්  විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

මැතිවරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීන්දුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන නීති විරෝධී තීන්දුවක් බවද සජිත් ප්‍රේමදාස  කීවේය.

ජනතා පරමාධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම උදෙසා ආණ්ඩුව ගනු ලැබූ මේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව මුළු රටම සමග පෙරට ඒමට සමගි ජන බලවේගය සූදානම් බවද ඔහු තවදුරටත් පැවසීය.

 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්