හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ පෞද්ගලික ලේකම් ලෙසත් රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ලෙසත් කටයුතු කළ පියදාස දිසානායක යන අයට

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් නියම කළ සිරදඬුවම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබේ.

2018 වසරේ මැයි මස කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54ක අල්ලසක් ඉල්ලා ඉන් මිලියන 20ක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කුසුම්දාස මහානාම සහ පියදාස දිසානායක යන විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනාවලට වරදකරු කෙරුණු විත්තිකාර කුසුම්දාස මහානාමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා රුපියල් 65,000ක දඩයක් නියම කර තිබුණි.

ඊට අමතරව විත්තිකාර පියදාස දිසානායකට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අමතරව ඔහුට රුපියල් 50,000ක දඩයක් ද නියම කරනු ලැබීය.


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්