ඊයේ දින ප්‍රදේශ රැසකින් සොයා ගන්නා ලද අලෙවියට තබා තිබූ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් තොගය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු

නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව ඒ පිළිබඳ වෝහාරික වාර්තාවක් හෙට දිනය තුළ තමන් වෙත ලබාදෙන ලෙස සුරාබදු නිලධාරීන්ට තමන් උපදෙස් ලබාදුන් බව රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.



මත්පැන් බෝතල්වලට මෙම ස්ටිකරය හඳුන්වාදීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම ද ඉහළ ගිය අතර එමගින් ව්‍යාජ මත්පැන් හඳුනා ගැනීමට ද හැකි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉකුත් දින කිහිපයේ සිදුකළ වැටලීම්වලින් මත්පැන් අලෙවිසැල් කිහිපයක තිබී ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් රැසක් සොයා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසිය.



දිවයින පුරා පිහිටි මත්පැන්හල්වල අලෙවියට ඇති මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර අලවා ඇති බෝතල් වැටලීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

තඹුත්තේගම, තලාව, නෙලුබෑව සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල විශේෂ වැටලීම් කණ්ඩායම් යොදවා සිදුකළ වැටලීම් වලදී එවැනි ආරක්ෂිත ස්ටිකරය නොමැති මත්පැන් බෝතල් විශාල සංඛ්‍යාවක් සුරාබදු විමර්ශන නිලධාරින් භාරයට ගත් බව නිවේදනයේ සඳහන්.

මත්පැන්වල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවට සහතික කර ගැනීමේ අරමුණින් හඳුන්වා දුන් ආරක්ෂක ස්ටිකර් ක්‍රමවේදයෙන් බැහැරව කූඨ ව්‍යාපාරිකයන් නීතිවිරෝධී ලෙස කටයුතු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරු මත මෙම වැටලීම් ක්‍රියාත්මක බව සඳහන්.



එසේම, මත්පැන් බෝතල්වල ස්ටිකර මුද්‍රණය ලබාදී ඇති සමාගම හරහා මෙම වංචාව සිදුවන්නේ දැයි මතුව ඇති සැකය මත ඒ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.


 මත්පැන් බෝතල්වල ස්ටිකරය සම්බන්ධයෙන් SL Deshaya විසින් සිදුකල විශේෂ හෙළිදරව්වක් පහත වීඩියෝවෙන් බලන්න



මුලාශ්‍ර පුවත් :

Crooked company keeps liquor deal

Liberia Has Chosen A ‘Corrupt’ Indian Company, Madras Security Printers, For Its Tax Stamp Program

How South Sudan awarded lucrative duty paid stamp contract to corrupt Indian company

How 10 Liquor Companies In Kenya Are Evading Tax.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්