නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඇය ලබන පෙබරවාරි මස 07 වෙනිදා සිට එම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇත.

මේවනවිට 42 හැවිරිදි වියේ පසුවන නවසීලන්ත අගමැතිනිය එරට කම්කරු පක්ෂයේ නායකත්වයෙන්ද ඉවත් වීමට ද තීරණය කර ඇත.

එම තනතුරට පත් කරන සුදුස්සා තෝරා ගැනීම සඳහා ඉදිරියේදී ඡන්දයක් පැවැත්වීමට නියමිත අතර එමෙන්ම නවසීලන්ත මහ මැතිවරණය ඔක්තෝම්බර් මස 17 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

සිය තීරණය පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දෙමින් හැඟීම්බරවූ නවසීලන්ත අගමැතිවරිය කියා සිටියේ රටට නායකත්වය දීමට අවශ්‍ය කිසිවක් තවත් තමන් තුල ඉතිරිවී නොමැති බවයි.

තමන් කම්කරු පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ඉල්ලා අස්වෙන බවත් කම්කරු පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම සඳහා නුදුරේදී ඡන්ද විමසීමක් පවත්වන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් එහිදී ප්‍රකාශ කළාය.

තමන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ වසර හය ඉතාමත් අභියෝගාත්මක කාලයක් වූ බවත් තමන් නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු නොවන බවත් අර්ඩර්න් පැවසුවාය.



2017 වර්ෂයේදී නවසීලන්ත අගමැති ධුරයට පත්වන විට ඇයට වයස අවුරුදු 37ක් වූ අතර එවකට ඇය ලොව ලාබාලතම රාජ්‍ය නායිකාව වුවාය.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් අගනුවර ඉස්ලාම් දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීම, කොවිඩ් වසංගතය, වයිට් අයිලන්ඩ් දුපතේ සිදුවූ ගිනි කඳු විධාරණය වැනි බාධක හමුවේ ඇය නවසීලන්තය පාලනය කිරීමට සමත් වූ රාජ්‍ය නායිකාව වශයෙන් ඉතිහාසයට එක්වෙනු ඇත.

රාජ්‍ය නායිකාවක් ලෙස කටයුතු කරමින් සිටියදී දරු උපතක් සිදුකළ ලොව දෙවන රාජ්‍ය නායිකාව වශයෙන් ද ඇය ඉතිහාසයට එක්ව තිබේ.


 JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්