ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකළ අපරාධ පිළිබඳව අවධාරණය කරමින් අඟහරුවාදා දින (24) 'කළු ජනවාරිය' සැමරූ මුලතිවු මාධ්‍ය සමාජයේ දෙමළ මාධ්‍යකරුවෝ,

ඝාතනය කළ මාධ්‍යවේදීන් වන සුබ්‍රමනියම් සුගීර්තරාජන්, ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩගේ සේයා රූවලට පුෂ්පෝහාර දැක්වූහ.



jds s 1


දමිළ මාධ්‍යවේදී සුගීර්තරාජන් ඝාතනය කොට වසර 17 ක්!

ඝාතනයට ලක්වු දමිළ මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්තරාජන්ගේ 17 වන ගුණ සැමරුම වෙනුවෙන් ඊයේ (24) උතුරු නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකම සැමරුම් වැඩසටහන් සංවිධානය කොට තිබිණ.

මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානය, වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා මඩකලපුව මාධ්‍ය සංගම් නියෝජිතයින් අදාළ සැමරුම් වැඩසටහන් සංවිධානය කළේය.

sugeeshvaran

මුලතිව් සැමරුම් වැඩසටහන අතරතුර

 

මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානය, වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා මඩකලපුව මාධ්‍ය සංගම් නියෝජිතයින් අදාළ සැමරුම් වැඩසටහන් සංවිධානය කළේය.

සුබ්‍රමනියම් සුගීර්තරාජන් 2006 ජනවාරි මස 24 වැනිදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ඝාතනයට ලක්විය.

1970 වසරේ උපන් සුගීර්තරාජන් මියයන 36 වන වියේ පසු වූ දෙදරු පියෙකු වන අතර, හෙතෙම එවක සමාජසේවා ක්‍රියාකාරිකයෙකු ලෙසද කටයුතු කළේය.

mulathiv p

අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් එවක ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වු අතර, ඝාතනයට ලක්වන අවස්ථාවේ සුගීර්තරාජන් 'සුඩර් ඔලි' මධ්‍ය ආයතනය ඇතුළු දෙමළ භාෂා මාධ්‍ය කිහිපයකට පුවත් සපයන්නෙකු ලෙස කටයුතු කළේය.

 

black jan

කළු ජනවාරිය වෙනුවෙන් උතුරේදී පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක්

 

මෙරටදි ඝාතනයට ලක්වු හා අතුරුදහන් කළ මාධ්‍යවේදීන් ස්මරණය කරමින් 'කළු ජනවාරිය' සැමරුම් වැඩසටහන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කොළඹදී ඊයේ (24) සංවිධානය කළ අතර ඝාතනයට හා අතුරුදහන් කළ මාධ්‍ය සහෘදයන් සැමරීමට පත්‍රිකා බෙදා දීමේ සහ සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට උතුරු පළාතේ මාධ්‍ය සංගම් සාමාජිකයින් ද කටයුතු කොට තිබිණ.

 

black jan 2

කළු ජනවාරිය වෙනුවෙන් උතුරේදී පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක්



(මුලාශ්‍රය -BBC සිංහල සේවය)



සබැඳි පුවත් :

ප්‍රගීත් අතුරුදහන් කොට වසර 13 ක් ! - සන්ධ්‍යා අධිෂ්ඨාන සත්‍යක් ක්‍රියාවක

සුගීර්දරාජන් ඝාතනයට යුක්තිය නොලැබී දාහත් වසරයි!


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්