මෙරට දේශපාලනයෙන් පවුල් පාලන අවසන් කිරීමට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ‘පොහොට්ටුව’ බිංදුවට බැස්සිය යුතු බවත් මෙතෙක් අත්හදා නොලැබූ සමහරුන් අත්හදා බැලීමට ජනතාව උත්සහ නොකළ යුතු

බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ කියා සිටියි.

ඔහු එබව කියා සිටියේ, නිදහස් ජනතා සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් කොළඹදී ඊයේ (27) පැවැති විශේෂ උත්සවයේදී ය.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් වඩාත් දැඩිම අර්බුදයට මුහුණ දී සිටින බවත් එම ආර්ථික අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇති බවත් වීරවංශ මන්ත්‍රීවරයා එහිදී පැවසිය.

ජන වරමක් නොමැතිව ජාතික ලැයිස්තුවෙන් තනි මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයෙක් රට පාලනය කරන බව කී වීරවංශ, සඳහන් කළේ වර්තමානයේ රට මුහුණ දී සිටින අර්බුදයට අඩිතාලම යහපාලන ආණ්ඩුව සමයේ දැමූ බවත්ය.

යහපාලන ආණ්ඩුව සමයේ ඩොලර් බිලියන 16 ක වාණිජ ණය ලබාගෙන පිලිසිඳගත් ආර්ථික අර්බුදය නැමැති බිළිදා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ උපත ලැබූ බවත් දියණියට දරුවා ලැබෙන තෙක් නොදන්වා යැයි කියූ මව මෙන් ගෝඨාභය රාජපක්‍ෂ ආර්ථික කඩාවැටෙන තෙක් නොදැනීම පුදුම ජනාධිපතිවරයෙක් බවත් වීරවංශ පැවසීය.


යහපාලන ආණ්ඩුව සහ මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දැක්වුවා සේම වර්තමාන ආණ්ඩුව ගෙන ඒමට තමන් ඇතුළු පිරිස සහයෝගය දැක්වූ බව කී ඔහු පැවසුවේ එය එසේ වුවද එම ආණ්ඩුව වැරදි කරද්දී මුල සිටම විරෝධය දක්වමින් පෙනී සිටි බවයි.

රට වර්තමානයේ පත්ව තිබෙන තත්වයෙන් ගොඩගැනීමට සජිත් ප්‍රේමදාසට හැකියාවක් නොමැති බව කී විමල් වීරවංශ, රට ගොඩගැනීමේ ගැඹුරු හැගීමක් ඇති කණ්ඩායමක් නිදහස් ජනතා සන්ධානයේ සිටින බව ද සඳහන් කළේය.




නිදහස් ජනතා සන්ධානය’ ඡන්ද වැඩ අරඹයි


ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 ක් නියෝජනය කරන මෙවර පළාත් පාලන මැතිවරණයට ‘හෙලිකොප්ටරය’ ලකුණෙන් තරග කරන ‘නිදහස් ජනතා සන්ධානය’ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (27) සවස කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී නිලවශයෙන් ආරම්භ විය.

එහිදී ‘නිදහස් ජනතා සන්ධානය’ පළාත් පාලන මැතිවරණයේ තේමාව වන ‘නිදහස් වෙමු’ යන තේමාව සහ නිදහස් ජනතා සන්ධානයේ නිල ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම්  එළිදැක්වීම ද සිදුවිය.

මෙම අවස්ථාවට නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු මහාචාර්ය ජී එල් පීරිස්, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය චරිත හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, ආචාර්ය නාලක ගොඩහේවා, ජයන්ත සමරවීර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, උදයන කිරිදිගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සහ ගාමිණි වලේගොඩ, තිලංග සුමතිපාල, වෛද්‍ය ජී. වීරසිංහ යන පක්ෂ නියෝජිතයින් පිරිසක් ද සහභාගි වූහ.

{gallery}Freedom Peoples Alliance{/gallery}

 

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්