නොරොච්චෝලේ බලාගාරයට රැගෙන එනු ලබන ගල්අඟුරු නෞකා සඳහා මුදල් ගෙවීම අසීරු බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

එම සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර සඳහන් කළේ, මේ වනවිට දිවයිනට පැමිණි ඇති නෞකාවට ගෙවීමටවත් මුදල් නොමැති බවයි.

තවත් ගල්අඟුරු නෞකාවක් දිවයිනට සේන්දු වීමට නියමිතව තිබේ.

එම නෞකා දෙකටම 30% ක් ලෙස මුදල් ගෙවා තිබුණ ද ඉතිරි මුදල එම නෞකාවල ගල්අඟුරු ගොඩ බෑමට පෙර සිදු කළ යුතු බව ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා පෙන්වා දෙයි.

නමුත් එම මුදල් මේ අවස්ථාවේ ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.


සබැඳි පුවත් :

බරපතල විදුලිය කැපිල්ලක් අතළඟ ! - ගල්අඟුරු මිලදී ගන්න සල්ලි නෑ !!

ගල්අඟුරු සැපයුම ඉන්දුනිසියානු සමාගමකට

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්