leader s

මීට පෙර භූමි කම්පාවෙන් පසු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කාන්තාව මිය ගොස් ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක BBC

සිංහල සේවයට පැවසීය.

ඇය ජිවත් වූ නිවසේ සුන්බුන් අතර තිබී ඇයගේ සිරුර ඊයේ (12) සොයා ගනු ලැබූ අතර අදාළ කාන්තාවගේ දියණිය විසින් සිය මවගේ සිරුර හඳුනාගෙන තිබේ.

කාන්තාව වසර ගණනාවක සිට තම තුර්කි ජාතික සැමියා සහ දියණිය සමග තුර්කියේ ජිවත්වන අතර ඇය ශ්‍රී ලංකාවේ ගලගෙදර ප්‍රදේශයේ කෙනෙකු ලෙස හඳුනාගෙන තිබේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 64 ක තැනැත්තියකි.

තානාපති කාර්යාලයේ තොරතුරුවලට අනුව ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු භූ කම්පන සිදු වූ ප්‍රදේශවල ජීවත්ව සිට ඇත.

මේ වන විට සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේ හටගත් ප්‍රබල භූ කම්පනවලින් මිය ගිය පුද්ගලයන් ගණන 25,000 ඉක්මවා තිබේ.

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්