මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලයට කොල්ලුපිටිය පොලීසිය මුද්‍රා තබා තිබේ.



පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව එය සිදු කළ බවයි.

රජය අපහසුතාවයට පත්වන ආකාරයේ සිදුවීම් ඒ තුළ වන බවට ලද තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, එම නියෝගය ලබාගත් බව, ඔහු ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මේ වනවිට ඔස්ට්‍රේලියාවට ගොස් සිටින බැවින් ඔහු යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඔහු ඉදිරිපිටදී අදාළ කාර්යාලය විවෘත කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.


JW

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්