පවතින ආර්ථික දුෂ්කරතා යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ලබාදීම අසීරු බව

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.

ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අද (17) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා සිදුකළ සාකච්ඡාවේදිය.

පසුගියදා නිකුත් කෙරුණු චක්‍රලේඛයක් සමගින් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන් කිරීමට හැකියාව තිබුණද මැතිවරණ කටයුතු එම චක්‍රලේඛය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර නොමැති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එහිදි පෙන්වා දී තිබේ.

එසේ වුවද අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන ආයතන වෙත මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලබාගත යුතු බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නොමැතිව කල් දැමෙයි

මේ අතර 2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

මාර්තු නවවන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම පෙබරවාරි 22, 23, 24 සහ 28 දින දිනවල පැවැත්වීමට නියමිතව තිබුණි.

එහෙත් අදාළ දිනවල සලකුණු කිරීම සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමට එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවලදී තම කොමිෂන් සභාව වෙත ලබා දී නැතැ යි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම අදාල දිනවල නොකරන බවත්, නැවත සලකුණු කිරීමේ දිනය පසුව දැනුම් දෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අද (පෙබරවාරි 17) නිවේදනය කළේ ය.

zfasdf

තවමත් ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් නැහැ!

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංඟා කල්පනී ලියනගේ බීබීසී සිංහල සේවය සමග ප්‍රකාශ කළේ ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් මැතිවරණයේ මුද්‍රණ කටයුතුවලට බාධා මතුව ඇති බවය.

අද (පෙබරවාරි 17) වන විටද ලබා දී ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණක් බවද ඇය සඳහන් කළාය.

ඇය ප්‍රකාශ කළේ තැපැල් ඡන්ද මුද්‍රණය ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා ආරක්ෂක කටයුතු වෙනුවෙන් සේවා මුර දෙකකට පොලිස් නිලධාරීන් 65 දෙනෙකු ඉල්ලා සිටි බවත් ය.

කිහිප වරක්ම පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටියත් අද දක්වාම ප්‍රමාණවක් ආරක්ෂාවක් ලැබී නැතැ යි ඇය පැවසුවාය.

පොලිස් ආරක්ෂාවක් නොමැතිව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු නොකරන ලෙස සමස්ත සේවකයින් තමන්ගෙන් ඉල්ලා ඇති බවද රජයේ මුද්‍රණාලයාධිපතිනිය ප්‍රකාශ කළා ය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් තැපැල් ඡන්ද නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇතිබව පෙර ප්‍රකාශ කරද්දී ඉදිරිපත් වූ හේතුව වූයේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය අරමුදල් ලබානොදීම යි.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්