leader s

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර ගොනු කළ රිට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.


පළාත් පාලන තැපැල් ඡන්දය පැවැත්වීමට පෙර තමන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමෙහි කරුණු කඩිනමින් තහවුරු කිරීම් සඳහා අධිකරණය හමුවේ කැඳවන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකරනු ලැබුවේය.

එස්.තුරේරාජා සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවීමට නියමිතව ඇත.

විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ඇතුළු නව දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

රටෙහි පවතින අයහපත් ආර්ථික තත්ත්වය හේතුවන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල්වරයා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.



මැතිවරණ කොමිසමත් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !


මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මාර්ගයෙන් කරුණු දැක්වීමට පසුගිය 18 වනදා තීරණය කළේය.

ඊට අදාළ ලේඛන මේ වන විටත් මැතිවරණ කොමිසම විසින් ඔවුන්ගේ නීතීඥවරුන් වෙත භාරදී ඇති අතර අද හෝ හෙට (21) දිනයේ අධිකරණය වෙත මෝසම ඉදිරිපත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පැවසුවේය.

පළාත් පාලන ආයතන මැතිවරණ සැලසුම් කර ඇති පරිදි පවත්වන බවට මැතිවරණ කොමිසම විසින් අවස්ථා දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥා ලබාදීම හේතුවෙන් පවතින දුෂ්කරතා පිළිබඳව මෙලෙස මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ඔවුන් තීරණය කර තිබේ. 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්