රට පුරා විසිරී සිටින පුවක් ගොවීන්, පුවක් එකතු කරන්නන්, අතරමැදියන් සහ දේශීය අපනයනකරුවන්

පෙබරවාරි 24 දින වෙළඳ අමාත්‍යාංශය සහ වාණිජ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වෙළඳ අමාත්‍යාංශය විසින් පුවක් අපනයනය අත්හිටුවා මේ වන විට මාස තුනක් ගත වී ඇති අතර එම තත්ත්වය තුළ පුවක් ගොවීන් සහ එම ව්‍යාපාරය ආශ්‍රිතව ජීවනෝපායේ නිරත විශාල පිරිසක් අන්ත අසරණ භාවයට පත් වී තිබේ.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ බලවත් පීඩාවකට පත්ව සිටින එම පිරිස් මේ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වෙත දැඩි අප්‍රසාදය පළ කර ඇත.



මෙලෙස පුවක් අපනයනය නතර කිරීමෙන් මසකට ඇමෙරිකානු ඩොලර් ආසන්න වශයෙන් මිලියන 50ක් සහ වාර්ෂිකව ඩොලර් මිලියන 500ක් පමණ රටට අහිමි වන බව අපනයනකරුවන් පවසති. රටට ඩොලර් නොමැති අවස්ථාවක මෙවැනි තීරණය ගෙන තිබීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ඔවුන්ගේ අදහසයි.



ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සහ අතරමැදි තෙත් කලාපයේ ප්‍රධාන වශයෙන් පුවක් වගා කෙරේ. කෙසේ වෙතත්, වියළි කලාපයේ විශාල වැව් සහ ජල මාර්ග ආශ්‍රිතව අක්කර කුඩා ප්‍රමාණයක පුවක් වගාවන් දැකිය හැකිය.

ශ්‍රී ලංකාවේ පුවක් වගා කර ඇත බිම් ප්‍රමාණය ඇස්තමේන්තු ගත කර ඇත්තේ හෙක්ටයාර් 12533 ලෙසිනි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් පුවක් වගා කරන දිස්ත්‍රික්ක වන්නේ කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කයි. සියළුම පුවක් වගාවන් දැකිය හැක්කේ ගෙවතු වල හෝ මිශ්‍ර වගාවන් ලෙසින් වන අතර, වාණිජව වගා කර ඇති භූමි ඇතිය හැක්කේ ස්වල්ප වශයෙනි.

 

 


JW

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්