The Leader News
BREAKING
සුළි කුණාටු අවදානම: ලංකාවේ බෝට්ටු 25කට ඉන්දීය මුහුද විවෘත වෙයි●ඥානසාර හිමි නිදහස් කරන්නැයි මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් නෑ●දෙමළ සිනමා වාර්තා බිඳිමින් රජිනිකාන්ත්ගේ ‘ජේලර් 2’ පෙරමුණට●දකුණු ආසියානු සුවතා කේන්ද්‍රය වීමට ලංකාවෙන් දැවැන්ත පියවරක්●චීන තාක්ෂණික වෙළෙඳපොළේ කෘත්‍රිම බුද්ධි බුබුල බිඳවැටෙයි●බ්‍රසීල ඡන්දයට ට්‍රම්ප්ගෙන් චෝදනා: පරාජිත පක්ෂය ප්‍රතිඵලය පිළිගනී●කාන්තා ඔසප් වීම දේවත්වයෙන් සලකන කාමක්ඛ්‍යා දේවාලය●යුද අර්බුදය හමුවේ ඊශ්‍රායල ඡන්දපොළ වාර්තාගත ලෙස පිරී යයි●ක්‍රිෂ් නඩුව : දෙමාපියන්ගේ සෞඛ්‍ය පෙන්වා නාමල් කළ ඇප ඉල්ලීම●නාමල් ත්‍රිපුද්ගල මහාධිකරණයට: එතෙක් බන්ධනාගාරයේ රඳවයි●
Top Ad
පුවත්

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෙට අලුයම දිවයිනට

T

The Leader Desk

March 13, 2023 • 3:42 PM

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෙට අලුයම දිවයිනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු හෙට (14) අලුයම දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.
  • එලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකි.
  • අත්අඩංගුවට ගනු ලැබූ හරක් කටා සහ කුඩු සලිඳු ඇතුළු පිරිස මේ වන විට මැඩගස්කරයේ සිට ඉන්දියාව බලා රැගෙන විත් ඇති අතර ඔවුන් එහි සිට මෙරටට රැගෙන ඒමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේය.
  • සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍යයක් පසුගිය 07 වනදා පළමුව වාර්තා කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු හෙට (14) අලුයම  දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.

සැකකරුවන් දෙදෙනා රැගෙන ඒම සඳහා පොලිස් නිළධාරීන් සිව්දෙනෙකු පසුගියදා කටුනායක ගුවන් තොටුපළෙන් මැඩගස්කරය බලා පිටත්ව ගොස් තිබේ.

එලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකි.

මෙම සැකකරුවන් දිවයිනට රැගෙන ඒමේදී මැඩගස්කරයේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණීමට නියමිතය.

අත්අඩංගුවට ගනු ලැබූ හරක් කටා සහ කුඩු සලිඳු ඇතුළු පිරිස මේ වන විට මැඩගස්කරයේ සිට ඉන්දියාව බලා රැගෙන විත් ඇති අතර ඔවුන් එහි සිට මෙරටට රැගෙන ඒමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේය.

සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍යයක් පසුගිය 07 වනදා පළමුව වාර්තා කර තිබිණ.

 එම පුද්ගලයින් 8 දෙනා මැඩගස්කරයේ ඉවාටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඉකුත් 01 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොලීසිය ද එය තහවුරු කළේය.

අත්අඩංගුවට ගත් පිරිස අතර හරක් කටාගේ බිරිඳ යැයි පැවසෙන මැලේසියානු ජාතික කාන්තාවක් ද සිටින බව විදෙස් මාධ්‍යයේ වාර්තා කර තිබිණ. එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ ඇය සන්තකයේ තිබී එරට මුදලින් මිලියන 38 කට අධික මුදලක් බලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි.

(nethnews.lk)

 
 
සබැඳි පුවත් :

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෙට අලුයම දිවයිනට | The Leader