leader s

ශ්‍රී ලංකා පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්වනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.



වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මාර්තු 26 වන දා සේවයෙන් විශ්‍රාම යාමට නියමිත අතර එසේ විශ්‍රාම ගැනීමට අදාල ලිපි ලේඛණ ඔහු විසින් මේවනවිටත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර තිබේ.

ඒ අනුව පුරප්පාඩු වන පොලිස්පති ධුරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ නම නිර්දේශ කරමින් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත අද දිනය තුළදී අදාල ලිපිය යොමුකිරීමට නියමිතව ඇතැයි පැවසේ.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ වත්මන් පොලිස්පති සී ඩී වික්‍රමරත්නට වසරක සේවා දිගුවක් ලබාදීමට කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි බවයි.

 පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඔහුගේ විශ්‍රාම වැටුප් ගොනුව සකස් කර අවසන් කර තිබුන ද එම විශ්‍රාම වැටුප් ගොනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පොලිස් සුබසාධන කොට්ඨාශය විසින් මේ දක්වා ලබාදී නොමැති බව 'නෙත් නිව්ස්' වාර්තාකර ඇත.

කෙසේවෙතත්, ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කරනු ලබන රජයේ නිලධාරීන්ට විශ්‍රාම වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු යළි සේවා දිගුවක් සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාවක් නොමැති බව නීතිවේදීන් පවසති.

ඒ අනුව මේ මස 26 වනදා සිට විශ්‍රාම යාමට නියමිතව පොලිස්පති සී ඩී වික්‍රමරත්නට ද එම අවස්ථාව නොලැබෙන බව ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා 'නෙත් නිව්ස්' වෙත පවසා තිබිණ.


සබැඳි පුවත් :
පොලිස්පති සටනට මහින්දත් මැදිවෙලා..! | GOSSIP | The Leader TV

 

 

JW

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්