leader s

පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට හා පොලිස් කොමිෂන් සභාවට යොමුකරන ලද රහස්‍ය ලිපියක්  'ලංකා ඊ නිව්ස්' වෙත ලැබුනේ කෙසේදැයි සෙවීමට අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ගේ නියෝග පරිදි මෙම පරීක්ෂනය ආරම්භ කර ඇත්තේ පොලිස්පතිවරයා ගෙන් ලැබී ඇති උපදෙස් මතය.

දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හා පොලිස් කොමිෂන් සභාව වෙත
ඊයේ (17) යොමුකර තිබු එම ලිපිය මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

 පසුගිය ජූලි 07 වැනිදා ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක් කෝටි, හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල් අරගලකරුවන් විසින් සොයා ගෙන කොටුව පොලිසියට බාර දුන් පසුව ඒ ගැන රාජකාරි නොකරන්නැයි පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස දේශබන්දු කොටුව පොලිස් ස්ථානාධිපතිට නීතී විරෝධී නියෝගයක් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ලිපියේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂනයක් කර වාර්තා කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් විසින් පසුගිය ජනවාරි 29 දා පොලිස්පතිට දුන් නියෝගයක් අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඒ සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය ( SIU ) මගින් පරීක්ෂණයක් පවත්වා ඇත. පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි SIU/340/2022 දරණ විමර්ශන වාර්තාව පොලිස්පතිවරයා වෙත ලැබී ඇත්තේ මිට දෙසතියකට පෙරය.

පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ එම වාර්තාව මගින් පළමු චුදිතයා කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ය.

IGP 1

IGP 2
'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ පළවී ඇති ලිපිය


කෙසේවුවද අප කළ  විමසීමක දී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ මෙවැනි ලිපියක් මේ මොහොත වනතෙක් අමාත්‍යංශය වෙත හෝ පොලිස් කොමිසම වෙත ලැබී නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මුලස්ථානයේ ප්‍රකාශකයකු පැවසුයේ, පොලිස්පතිවරයා අදාළ ලිපියට ඊයේ (17) පස්වරු 2.30 ට පමණ අත්සන් කර ඇති බවත්. ඉන් අනතුරුව එම ලිපියේ පිටපත් පස්වරු 4.30 ට පමණ පොලිස් කොමිසම් කාර්යාලය වෙතත්, පස්වරු 5.30 ට පමණ මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙතත් ලබාදී, එකී ලිපි බාරගත් බවට අත්සන් ද ලබාගෙන ඇති බවයි.

පොලිස් කොමිසම් කාර්යාලයේ නිසි බලධාරියකු එම මොහොතේ කාර්යාලය තුළ නොසිට ඇති බැවින් එම ලිපිය මෙතෙක් විවෘත කර නොමැති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

අදාල ලිපිය 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ පළකර ඇත්තේ ඊයේ පස්වරු 7.40 ටය.


සබැඳි පුවත් :
පොලිස්පති අවසන් මොහොතේ දේශබන්දු චුදිතයකු කර වාර්තාවක් එලියට දමයි!

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්