ගෝඨා ගෝ ගමේ පළවෙනි හට් එක ගැහුවෙ එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහලා බව

ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පසුව ඒ හට් වලට මොනවා වුනාදැයි නොදන්නා බවද මන්ත්‍රීවරයා කීය.

මහජනයා නිර්වින්දනය කර දැන් ටෙලිකොම්, ලංකා හොස්පිට්ල් විකුණන්නට හදන බවත් මේ අපරාධයට ඉඩ දිය යුතු නැති බවත් වීරවංශ මන්ත්‍රීවරයා අවධාරණය කළේය.


''මහ බැංකුව ස්වාධීන කිරීම කියන්නෙ රටේ අවුල වියවුලක් කිරීමයි''

මහ බැංකුව ආර්ථිකයේ හදවත බවත් එය කිසි කෙනෙකුට වගනොකියන නිලධාරීන් කණ්ඩායමකට පමණක් පාලනය කිරීමට ඉඩදීම යනු රටේ අවුල වියවුලක් කිරීමක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායකයා කියා සිටියේය.

මෙවැනිම ක්‍රියාමාර්ගයක් IMF උපදෙස් අනුව ග්‍රීසිය විසින් අනුගමනය කිරීමෙන් විශාල මානව ඛේදවාචකයට ඒ රට මුහුණ දී ඇති අතර එහි බර පතලකම කොතරම්ද යත් IMF තමන් කළ අපරාධ සම්බන්ධයෙන් ග්‍රීසියේ වැසියන්ගෙන් සමාව ඉල්ලූ බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 

  

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය