වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න ගේ සේවා කාලය හෙට (මාර්තු 25) දින අවසන්වීමට නියමිත අතර නව පොලිස්පතිවරයෙකු පත් කිරීම හෝ වත්මන් පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීම

සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

කෙසේවුවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ වත්මන් පොලිස්පතිවරයාට මාස 6ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.


නව පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් අද (මාර්තු 24) පස්වරු 2.30ට රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සාකච්ජාවක් සිදුනොවනබව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් 'අනිද්දා' පුවත්පතට පවසා ඇත.

අලුත් පොලිස්පතිවරයකු පත් නොකරන්නේ නම් වත්මන් පොලිස්පතිට සේවාදිගුවක් ලබාදිය යුතුව ඇත. කබීර් හෂීම් මන්ත්‍රීවරයා පවසන්නේ පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීමේ කටයුත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අදාල කාර්යයක් නොවන බවයි.

මේ අනුව වත්මන් පොලිස්පතිවරයාට සේවා දිගුවක් හිමිවීමේ වැඩි ඉඩක් පවතින බව විපක්ෂයේ ආරංචිමාර්ග පවසයි.



ව්‍යවස්ථාදායක සභාව අද සවස රැස්වෙයි! 

ව්‍යවස්ථාදායක සභාව අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.  

 
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත මෙම රැස්වීමේදී ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට අදාළ ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන ලෙස රජය නිවේදනය කළ අතර මෙම නිවේදනයට අනුව ඉල්ලුම් පත් 1500කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වෙත ලැබී ඇති බව සදහන් වේ.

මෙම ඉල්ලුම් පත් අතරින් සුදුසු සාමාජිකයන් තෝරා ගැනීම පිළිබඳව අද රැස්වීමේදී මූලික වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව එ අනුව සඳහන් වේ.

නව පොලිස්පතිවරයකු පත් කිරීමද අද පැවත්වෙන ව්‍යවස්ථාදායක සභාව මඟින් සිදු කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටියද මෙතෙක් ඒ සඳහා නිර්දේශිත නාම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත යොමු කර නැති බව අනාවරණය වේ.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්