උපයනවිට බද්දට අදාළව තාවකාලික විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා මේ සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරි සතිය තුළ යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය

සමිති එකමුතුව පවසයි.

ඊයේ (24) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළේය.

උපයනවිට බද්ද සම්බන්ධයෙන් තාවකාලික විසඳුමක් ලබාගැනීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් මෙම සතිය තුළ ලබාදීමට ජනාධිපති ලේකම්වරයා පසුගිය සතියේ එකඟවී තිබුණි.

මෙතෙක් එම අවස්ථාව ලබානොදීම සම්බන්ධයෙන් හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරගැනීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ එම විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක පැවසුවේ, සිය ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (25) දිනයේ රැස්වී යළි සාකච්ඡා කරන බවයි. "අවසන් වරට අපිට දුන් පොරොන්දුව ඉටු කරන්නවත් උවමනාවක් නැති බව පේනවා." යයි ඔහු ද සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 3 සඳහාම විසඳුම් ලබාදීම රජය මග හරිමින් සිටින බවයි. "අපිට සිද්ධවෙනවා එළඹෙන සතියේදී ලක්ෂ ගණනක් වන වෘත්තිකයින් සමග පාරට එන්න. අවසානයේ රටම අඩපණ කරන තත්ත්වයට යන්න වෙනවා." ඔහු කියා සිටියේය.

ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සමලේකම් උපාලි රත්නායක සඳහන් ක‌ළේ, ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබුණොත් අප්‍රේල් 04 වැනිදා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවන බවයි.

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්