පොලිස්පති සී ඩී වික්‍රමරත්න හට මාස 03 ක සේවා දිගුවක් ලබාදීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

හිමිවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

ඒ, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව කථානායක නිල නිවසේදී ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීය.

ඊට අදාළ ලේඛන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ බව 'නෙත් නිවුස්' කළ විමසීමකදී කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කර තිබිණ.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න හට මාස 03 ක සේවා දිගුවක් ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයේ ව්‍යවස්ථානුකුල භාවය පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක්ව ඇති අතර එහිදී අගමැති දිනේෂ් ගුණවර්ධන බරපතල පීඩනයකට ලක්ව ඇතිබව පැවසේ.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න ට තවදුරටත් මාස තුනක සේවා දිගුවක් ලබාදෙමින් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් ඉකුත් 28දා ලිපියක් නිකුත්කර තිබිණ.

පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ නිල කාලය මාර්තු මස 26 වනදායින් අවසන් වීමට නියමිතව තිබිණ.

IGP Letter

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්