leader s

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු කිහිපයක ස්ථාන මාරු කිරීම් සිදු කිරීමට පොලිස්පතිවරයා විසින් තීරණය කර ඇති බව වාර්තා වේ.


මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ පොලිස් මූලස්ථානයේ අනුමැතිය මත මෙම ස්ථානමාරු සිදුකිරීමට නියමිත බව 'නෙත් නිවුස්' වාර්තා කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එල් එස් පතිනායක, දමින්ද ශ්‍රී රාජිත, සජීව මැදවත්ත, අජිත් රෝහණ, ඩබ්ලිව් කේ ජයලත් සහ සංජීව ධර්මරත්න යන නිලධාරීන්ට එලෙස ස්ථාන මාරුවීම් ලැබීමට නියමිත බවද 'නෙත් නිවුස්' වාර්තා අනාවරණ කරයි.

එමෙන්ම, පුත්තලම දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කොළඹ අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, අධ්‍යක්ෂ මානව සම්පත් කළමණාකරණ සහ පොලිස් ඔම්බූස්ට්මන් යන තනතුරුවලට අදාළවද ස්ථාන මාරුවීම් සිදුකිරීමට නියමිතව ඇති බව 'නෙත් නිවුස්' වැඩිදුරටත් කියා සිටියි. 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්