The Leader News
BREAKING
ආසියානු සායනික පෝෂණ සංගමයේ නායකත්වය පළමු වරට ලංකාවට●ඕස්ට්‍රේලියානු කෘෂිකර්මයට සිනහවක් එක්කළ යෝධ වියළි මිදිගෙඩිය●ඩූබ්වාගෙන් ‘ඩයිනමයිට්’ පහර කෑමට ලක්වූ වෝඩ්ලී ට තරග තහනමක්!●ආදරය වෙනුවෙන් බෙල්ජියම් ඉංජිනේරුවා වියට්නාම ගෝත්‍රික චාරිත්‍ර ඉටුකරයි●ඉන්ධන මිල පාලනයේ බර අවසානයේ මහජන කරපිටට?●අපනයන ඉපැයීම් ඉහළට: බිලියන 36 ඉලක්කයට මඟ සකස්වේ ද?●යුරෝපා වෙළෙඳ සහනය රැකගන්න ලංකාවට අලුත් කොන්දේසි පහක්●ඉරාන ජෙට් ඉන්ධන මියන්මාරයට ගලාගිය හොර පාර●ආදර ගැටය: සිරගත ස්ත්‍රීත්වයේ කලාත්මක කියවීම | ආචාර්ය අතුලසිරි සමරකෝන්●තොරතුරු ඉල්ලීමේදී රාජ්‍ය ආයතනවලට හිතුමතේ ගාස්තු අය කළ හැකි ද?●
Top Ad
පුවත්

ඇමරිකානු MCC විරෝධී බිත්ති චිත්‍රය මකා දැමේ ! (Video)

T

The Leader Desk

December 19, 2019 • 5:13 PM

  ඇමරිකානු MCC විරෝධී බිත්ති චිත්‍රය මකා දැමේ ! (Video)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙසේ මෙම චිත්‍රය මකා දමන්නේ MCC ගිවිසුමට එරෙහිව වත්මන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ඇතැමුන්ගේ දැඩි විවේචනයක් එල්ලවෙමින් තිබියදීය.
  • අද (19) අගලවත්තේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස, MCC ගිවිසුම සම්බන්ධයෙන් මෙසේ පැවසිය.
  • මේ රටේ ජනතාවගෙන් ලක්ෂ 69 ක් ඒක හරි කියලා කිව්වා.
  • නමුත් අද සමහරු කියනවා 70% ක් ගිවිසුම හොඳයි ලු.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙසේ මෙම චිත්‍රය මකා දමන්නේ MCC ගිවිසුමට එරෙහිව වත්මන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ඇතැමුන්ගේ දැඩි විවේචනයක් එල්ලවෙමින් තිබියදීය.

අද (19)  අගලවත්තේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස, MCC ගිවිසුම සම්බන්ධයෙන් මෙසේ පැවසිය.

''මැතිවරණ සමයේ දී මගේ ප්‍රතිවාදී ප්‍රධාන කණ්ඩායම කිව්වා MCC ගිවිසුම රටට බොහොම අහිතකරයි ශ්‍රී මහා බෝධිය වඳින්නත් අපිට පිටරටවලින් ටිකට්පත් ගන්න වෙයි මේක ඉරා දමන්න වුණා කියලා.

මේ රටේ ජනතාවගෙන් ලක්ෂ 69 ක් ඒක හරි කියලා කිව්වා. නමුත් අද සමහරු කියනවා 70% ක් ගිවිසුම හොඳයි ලු. ඒ නරක ගිවිසුම් තියාගන්න හොඳ නෑ ඒවා ඉරලා දාන්න ඕනා . 

ඒ නිසා මම ඒ අයට යෝජනා කරනවා ගෝල්ෆේස් පිටියට ගෙනල්ලා ඒ ගිවිසුම අපි දෙගොල්ලොම එක්ක එකතු වෙලා ඉරලා දාමු කියලා ''සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


80298281 2882845358434734 3181541769481289728 nමහපාරට ආර්ට් රැගෙන ඒම හෙවත් චිත්‍ර අතර චිත්‍රය

කෙසේවුවද ප්‍රවීණ චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායක මේ පිළිබඳව සිය FB පිටුවේ තබා ඇති සටහනක මෙසේ සඳහන් වේ.

මග දෙපස චිත්‍ර රැල්ල එක්ක මේ චිත්‍රය චිත්‍ර කලාවේ භාෂාව ඇතුළෙ තාක්ෂණික කාරණා ගොඩක් අත්පත් කරගෙන තියෙනවා.මේක අඳින්නෙ එරංග ශ්‍රීමාල් කියන තරුණ චිත්‍ර ගුරුවරයා සහ ඔහු සමඟ තව පිරිසක් එකතු වෙලා.මෙහි යම්කිසි ප්‍රකාශනයක් තියෙනවා. ඉතිහාසය, යුධ වින්දනය, රණකාමිත්වය, ආගම වගේ වට්ටොරුගත යටින් දිවෙන ජාතිකවාදී කෑල්ලට වඩා මේක ප්‍රකාශනාත්මකයි.

හැබැයි ඒක පැරනි ජවිපෙ වගේ තැනකින් නෙවි ප්‍රකාශ කරන්නෙ. ඒකෙ ආර්ට් තියෙනවා. ඒ පින්සල් පහරවල් දැනගෙන ගහන ඒවා. චිත්‍රයේ තාක්ෂණික කාරණාව පැත්තෙන් සහ ඉහත වට්ටෝරුවලින් මිදීම සම්බන්ධව ඔහු ඉන්නෙ අනෙක් සියලුම චිත්‍රවලට ලඟාවන්න බැරි ඈතකින්. ඒක හොඳ තත්වයක්. මේ චිත්‍රයේ පින්සල් පහරවල්ට පණ තියෙනවා. චලනයක් තියෙනවා. දිශාවක් තියෙනවා. 

මේ සියලු දේවල් ඔහු ජයගන්න අතර මේ චිත්‍රය එක්ක ඔහුගේ කතාව ඇහුවට පස්සෙ අමු ගොන් කතාවක් කියන්නෙ. අපි මහජාතිය හැටියට අනෙක් අයව දැනුවත් කරනලු මෙහෙම ඇන්දෙ කියල කියනවා.ඔහු වචන ඇතුලෙ තව ජන කොටසක් ඉවත් කරනවා.youtube එකෙන් ඔහු කියනවා ඇමෙරිකාව අපි ගිලගන හදනවා කියල. මෙන්න මේ විරුද්ධාභාසයන් මිදෙන්න පුලුවන්නම් හොඳ චිත්‍ර ශිල්පියෙක් එරංග තුළ ඉන්නවා. මේ චිත්‍රමය ව්‍යායාමය අනෙක් සිතුවම්වලටත් කාන්දු කළොත් ලස්සන wall art ටිකක් දැකගන්න පුලුවන් වෙයි. මෙම සටහන ලියන මොහොතේ එය මකා දමමින් තිබුනි.''




Screen Shot 2019 12 19 at 10.19.05 PM

(මුලාශ්‍රය - comrade.lk) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...