leader s

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කළ බව කියූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්ට නැවත එම ධුරය භාරගන්නා ලෙස පක්ෂයෙන් ආරාධනාවක් ලැබී තිබේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් කරන ලද එම ආරාධනයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පසුගියදා කියා සිටියේ පාර්ලිමේන්තු මහාචාර්ය ජී.එල්. පීරිස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කළ බවය. නමුත් මහාචාර්යවරයා කියා සිටියේ තමන් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කළ බවට කිසිදු දැනුම්දීමක් කර නොමැති බවයි.

මේ අතර පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර කියා සිටියේ, අලුත් අවුරුද්දෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අලුත් නායකයකු යටතේ දේශපාලන කටයුතු ආරම්භ කරන බවය. මේවනවිට පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ හිටපු ජනපති මහින්ද රාපජක්ෂ යි.

(aruna.lk)

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්