මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ඔහුගේ අනුමැතියෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මාරු කිරීමට කිසිම බලයක් නැති බවත්

එබැවින් තමන් වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකිරීමට අදාලව මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඊයේ (25) නිකුත් වී තිබුණු  අනීතික නියෝගය පිළිපැදීමට තමන් බැඳී නැති බවත් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලකට ලිඛිතව දැනුම් දී තිබේ.  

රටේ උත්තරීතර නීතිය ප්‍රකාරව පොලිස් නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් සඳහා බලය ලබා දී ඇත්තේ ජාතික පොලිස් කොමිසමට බව ඔහු එම ලිපියෙන් අවධාරණය කර තිබේ.

පොලිස් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ස්ථාන මාරුවීම් සිදු කිරීම සඳහා කිසිම බලයක් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබා නැති බව  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලකට කියා සිටියි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතා මත මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියෙන් තමන් දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකිරීම සම්බන්ධව ඊයේ (25) නිකුත් කර ඇති 02/08/SGO/02/2023 දරන ලිපිය අනීතික බව ද ඉන් බල අතික්‍රමණයක් සිදුවී ඇති බව ද පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක ලේකම්වරයාට දන්වා ඇත්තේ ස්ථාන මාරුවීම් පටිපාටියේ “ආවරණ අනුමැතිය” නම් සිද්ධාන්තයක් ද නොමැති බවය.

ස්ථාන මාරුවීම් සම්බන්ධව පොලිස් කොමිසමේ අනුමැතියක් නොමැතිනම් එම ස්ථාන මාරු නියෝග වලංගු නොවන බවද ඔහු ලේකම්වරයාට පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවසාන වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට දැනුම් දෙන්නේ මෙසේය.

“ පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසූරිය එදිරිව රජය 1974 NLR 25 නඩුවේ තීරණ අනුව  අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට මා බැදී නොමැත.”

“ ඒ අනුව පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව බලා දී ඇති එම ස්ථාන මාරුවීම නියෝගය ක්‍රියාත්මක කිරීමට මා බැඳී නැති බව කාරුණිකව දන්වා සිටිමි.”


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමුකළ ලිපිය පහත පළවේ.

2023.04.25 page 001n2

 

‘රජයේ  විශේෂ අවධානය යොමුවී තිබෙනවා‘ - ඇමති ටිරාන්


දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ නියමිත නිත්‍යානුකූල ක්‍රමවේදය අනුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් 'ලංකාදීපය'ට පවසා ඇත.

අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව බව පවසන අමාත්‍යවරයා, පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව එවැනි මාරු කිරීම් කිරීමට ඒ කොමිසම බලය ලබාදී  ඇති බවද ප්‍රකාශ කරයි.

ඔහු දකුණු පළාතට මාරුකර යවනු ලැබුවේද ඉහත ක්‍රමවේදය අනුව බවත් ඒ අවස්ථාවේදී දකුණු පළාතට ගිය අජිත් රෝහණ එම ක්‍රමවේදය යටතේම නැගෙනහිර පළාතට මාරු කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි ටිරාන් අලස් ප්‍රශ්න කරයි.

සේවා අවශ්‍යතා මත කළ උසස් පොලිස් නිලධාරින් රැසකට මාරුවීම් ලබාදී  ඇති අවස්ථාවක අජිත් රෝහණ පමණක් එම මාරුවීම ප්‍රතික්ෂේප කිරීම ගැටළු සහගත කාරණයක් බව පවසන මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ඒ පිළිබඳව රජයේ  විශේෂ අවධානය යොමුවී ඇතැයිද  ප්‍රකාශ කරයි.

සබැඳි පුවත් :
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට වහාම ස්ථාන මාරු


JW


logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය