සමඟි ජනබලවේගය චෝදනා පත්‍රයක් ලබා දිය යුත්තේ තමන්ට නොව පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි පවසයි.



ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු බවට ප්‍රකාශ කර ඔහු ඡන්දය නොදිම හේතුවෙන් එසේ විනය ක්‍රියා මාර්ගයක් ගතයුතු බව මන්ත්‍රීවරයා කියා සිටියි.



ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් ණය පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ වැඩි ඡන්ද 95කිනි. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 120 හිමි වු අතර ඊට විපක්ෂව හිමි වුණේ ඡන්ද 25 පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසිද එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. ඒ, එම යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබූ පසුබිමක් තුළයි.

ඒ අනුව, එච් එම් ෆවුසි මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට සමඟි ජන බලවේගය තීරණය කර ඇත. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි IMF ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීම පක්ෂ තීරණයට පටහැනි බවයි.

(nethnews.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්